
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පැල්වත්ත හා වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම් හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් පෙබරවාරි 16 හා 21 යන දිනවල දී සිදු කර තිබේ.
මේ සදහා මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකයේ නිළධාරීන් සහභාගීවු අතර ඉදිරියේ දී මොනරාගල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10වැනිදා බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.
මෙම භූ කම්පන පිලිබඳව අධ්‍යයනයන කිරීම සදහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිළධාරීන් විසින් මේ පිළිබඳව අධ්‍යනය කර අතර එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය.