වේදිකා නාට්‍යශිල්පීන්ගේ තොරතුරු ඇතුළත් නාමාවලියක් | සිළුමිණ

වේදිකා නාට්‍යශිල්පීන්ගේ තොරතුරු ඇතුළත් නාමාවලියක්

කෘතහස්ත සංගීතවේදියකු වන කලාභූෂණ ලයනල් ගුණතිලකයන් විසින් නෘත්‍ය සංගීත කලාව වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය අලලා චන්දි සුද්දත්චාරී මහත්මිය විසින් රචනා කරන ලද “ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය” කෘතිය එළි දැක්වීමේ උත්සවය පසුගියදා (17) සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණි.
 
විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි සංවිධාන කරනු ලැබූ මෙම වැඩසටහනේ දී දේශීය සංගීත, රංගන ක්ෂේත්‍රයන් හී අභිවෘධිය වෙනුවෙන් කටයුතු කළ කලා ශිල්පීන් ඇතුලත්, ටවර් හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත ටවර් නාට්‍යවේදී නාමාවලිය එළිදැක්වීමටද කටයුතු කෙරුණා. 
 
දේශීය නාට්‍ය කලාවට මෙන්ම නෘත්‍ය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටුකළ කෘතහස්ත සංගීතවේදියකු වන කලාභූෂණ ලයනල් ගුණතිලකයන්  වසර විසිහයක් පුරා ටවර් හෝල් රඟහල පදනම සමඟ අත්වැල් බැදගනිමින් දේශීය කලාවේ අනාගත අභිවෘධිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනු ලැබීය. 
 
ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා, ප්‍රවීණ කලාශිල්පීන් හා ප්‍රවීණ සාහිත්‍යවේදීන් රැසක් දපැමිණ සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහ සංස්කෘතික අමාත්‍යංශ ප්‍රධානීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Comments