
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23වැනිදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම මෝසම එස්.තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.
විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර මහතා විසින් පෙත්සම, පසුගිය 10 වැනිදා සළකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී එය වැඩිදුර සළකා බැලීම ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.