
උසස් පෙළ විභාගය වෙනුවෙන් නිවාඩු ලබා දුන් සියලු පාසල් තෙවැනි වාරය සඳහා 20 වැනි සඳුදා විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම තුන්වැනි වාරය මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි. 2023 වාරයට අදාළ නව පාසල් වාරයේ පළමු වාරය ආරම්භ වන්නේ මාර්තු 27 වැනිදාය.
එසේම පළමු වසර සිසුන්ගේ නව පාසල් වාරය ආරම්භ වීම මුල් සතිය තුළදී සිදු කිරීමට නියමිතව ඇත. 2022 උසස් පෙළ විභාගය පසුගිය 17 වැනිදා අවසන් වූ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු නුදුරු දිනයකදී ආරම්භ වීමට නියමිතව ඇති බවත්, ඒ දින තීරණය වීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම, කොටසක් හෝ අඩක් ලෙස වසන පාසල් පිළිබඳ විස්තර දැනුම් දෙන බවත්ය.