සා/පෙළ ඉල්ලුම්පත් 28න් අවසන් | සිළුමිණ

සා/පෙළ ඉල්ලුම්පත් 28න් අවසන්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි 28 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මේ වන විටත් සිදු කරමින් පවතී. පෙබරවාරි 28 දින මධ්‍යම රාත්‍රී 12.00 පසුව විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවත් එදින මධ්‍යම රාත්‍රියෙන් පසු මාර්ගගත ප්‍රවේශය වසා දමන බවත් . කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Comments