පෙළපොත් බෙදන්න සියල්ල සූදානම් | සිළුමිණ

පෙළපොත් බෙදන්න සියල්ල සූදානම්

නව පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළව අත්‍යවශ්‍ය වන පෙළපොත්වලට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බවත්, සාමාන්‍යයෙන් වර්ෂයකට පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 4.5ක පමණ මුදලක් වැය වුව ද මෙවර භාෂා මාධ්‍ය තුනෙන් වර්ග 350කට අධික පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් බිලියන 16කට අධික පිරිවැයක් රජය දැරූ බවත් එය පෙර මෙන් සිවු ගුණයට අධික මුදලක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරන අතර, ඉතිරි 55% පෞද්ගලික මුද්‍රණාල 22ක් මඟින් මුද්‍රණය කෙරේ.

ඉදිරියේ දී පෙළපොත්වල වර්ග හැඩ වෙනස් විය හැකි අතර එය එකවර නොව ක්‍රමානුකූල ව සිදු කරන බවත්, මොඩියුලර් හඳුන්වා දී මේ වර්ෂයේ නියමු ව්‍යාපෘතියෙන් පසු ඉදිරි වර්ෂයේ දී අදියර තුනකින් ක්‍රියාවට නංවන බවත් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි

Comments