
මෙරට ජාතික හා අධ්‍යාපන පුනරුදයේ පුමුඛ නායකයකු වූ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා දිවංගත වී වසර 116ක් පෙබරවාරි 17 වැනිදාට සැපිරුණු අතර ඒ වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඇති ඔහුගේ පිළිරුව අසලදී එදින පැවැත්විණි. එහිදී කොළඹ ආනන්ද විදුහල්පති ලාල් දිසානායකයන් විසින් පිළිරුවට මල් මාලයක් දමා උපහාර පිදූ අවස්ථාව මෙහි දැක්වේ. මෙම අවස්ථාවට පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති සරත් විරසේකර, සිතේන්ද්‍ර සේනාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපය - රුක්මල් ගමගේ