එජාපයේ විනය පරීක්ෂණ අවසන් වූ සජබෙට සහාය දුන් 65ක් එජාපෙන් දොට්ට | සිළුමිණ

එජාපයේ විනය පරීක්ෂණ අවසන් වූ සජබෙට සහාය දුන් 65ක් එජාපෙන් දොට්ට

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ඉකුත් සිකුරාදා රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී 17 වෙනිදා කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පැවැත්විණි.

පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන, ජනාධිපති නීතිඥවරුන් වන දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි.

එජාප පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ විනය පරීක්ෂණ අවසන් වූ 65 දෙනකු පක්ෂයෙන් නෙරපීමටද මෙහිදී තීරණය විය.

පක්ෂයේ කටයුතුවලදී සහ මැතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේදී කාන්තාවන්ට සහ තරුණයන්ට සියයට 25 බැගින් නියෝජනයක් ලබා දීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ශිරෝමි අබයසිංහ

Comments