
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට කටයුතු කරන බව මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල දූත පිරිසක් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාරට සහතික වී ඇත. ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ලබාදෙන ලෙස ඇමැති මනුෂ නානායක්කාර විසින් ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ Shiely Raisin Sason, දූත මණ්ඩල සාමාජික Zindani Mary, Yaccow Kabilau, Margarita Gaorodnitsky ඇතුළු නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන් ඔවුන් විසින් පවසා ඇත්තේ මේ වසරේදී පමණක් සාත්තු සේවිකාවන් දෙදහසක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.
මේ රැකියා සඳහා වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් කාන්තාවන්ට හිමිවන අතර ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේදී කාන්තාවන්ට පමණක් ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.