
ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරින් යටවීම වළක්වා ගැනීම සඳහා ජාතික සැළැස්මක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතානිළධාරීන්ට උපදෙස් දුන්නේය.
සියලුම රාජ්‍ය ආයතන එකට එක්ව එම වැඩපිළිවෙල සකස් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ(14) පැවති ජාඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇමතිවරයා එහි දී මෙසේ ද කියාසිටියේය.
“ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරෙන් යටවීම වළක්වා ගන්න ජාතික වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. ජාඇල හිරවුණොත් මිනුවන්ගොඩ හා ගම්පහ යටවෙනවා.ඒ නිසා මේ සියළුම ඇලමාර්ග ශුද්ධ කරන්න ඕන. ඒ වැඩපිළිවෙල හිටපු දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරෙදි ආරම්භ කළා.
සාමාන්‍යයෙන් නිළධාරීන්ට වැඩක් කිව්වම මහාපරිමාණ ව්‍යාපෘති ඉදිරිපත් කරනවා. බැසිල් රාජපක්ෂ මහත්තය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න කාලෙදි ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරෙන් යටවීම වළක්වා ගන්නා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ මහාලොකු දේවල් කරල නෙවෙයි. එදිනෙදා වැඩටික කරලයි. ඒ නිසා රාජ්‍ය ආයතන බෙදිල මේ වැඩේ කරන්න එපා. සියළුම රාජ්‍ය ආයතනටික එකට එකතුවෙලා වැඩ කරන්න.“