
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අතථ්‍ය වටමේස සාකච්ඡාවට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ G-7 කණ්ඩායම මෙන්ම ණය සහනයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ලබන සිකුරාදා(17) සහභාගී වීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව ඉතියෝපියාව, සැම්බියාව සහ ඝානාව - 20 කාණ්ඩයේ පොදු රාමුව යටතේ ණය ඉල්ලා ඇති රටවල් මෙන්ම ශ්‍රී ලංකාව, සුරිනාම් සහ ඉක්වදෝරය වැනි මධ්‍යම ආදායම් ලබන රටවල් ද මේ සදහා ඇතුළත් වනු ඇත.
මෙම රැස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ 20 කණ්ඩායමේ වත්මන් නායකයා වන ඉන්දියාව විසින් සම-ප්‍රධානත්වයෙන් පවත්වනු ලබයි.