නෙදර්ලන්ත තානාපතිනිය නැගෙනහිර ආයෝජන අවස්ථා සොයා බලයි | සිළුමිණ

නෙදර්ලන්ත තානාපතිනිය නැගෙනහිර ආයෝජන අවස්ථා සොයා බලයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Bonnie Harbach මහත්මිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් පසුගියදා (10) ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. 
 
එහිදී තානාපතිවරිය ශ්‍රිලංකාවේ දැනට පවතින වත්මන් දේශපාලන තත්වය මෙන්ම පළාතේ නව ආයෝජන අවස්ථාවන් පිළිබද විමසුවාය. 
 
ආණ්ඩුකාරවරිය පෙන්වා දෙන ලද්දේ නැගෙනහිර පළාත ස්වභාවික සම්පත් වලින් අනුන පළාතක්  බවත් එහි ආයෝජන කිරීමට ඕනෑතරම් අවස්ථාවන් ඇති බවත්ය. 
 
ඊට අමතරව ඕලන්ද යුගයේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඉදිකළ ඉපැරණි ගොඩනැගිලි පරිශ්‍රයන් තුල නව විදෙස් ආයෝජන අවස්ථා ඇතිකිරීම පිළිබදව ද තානාපතිවරිය විමසා සිටියාය. එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ එය ඉතා වටිනා කටයුත්තක් බැවින් ඉතා කඩිනමින් එම අයෝජන ඇතිකිරීමට බලාපොරොත්තුවන බවයි. 
 
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක පළාත් නිවාස සංවර්ධන  අධිකාරියේ සභාපති ජේ.ජෙගනාදන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 

Comments