හිහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ 2019 දී බලයට පත්වීමෙන් පසු රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීම, බොහෝ දෙනා දුටුවේ එය එම අවස්ථාවේදී නොකළ යුතුව තිබූ දෙයක් බවය. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසරේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.3 ක් දක්වා පහත වැටී තිබේ. මේ තත්ත්වය යටතේ IMF කොන්දේසිවලට අනුව යමින් රුපියල් ලක්ෂයකට වඩා මාසික වැටුප් ලබන සේවකයන්ගෙන් බද්දක් අය කිරීමට රජයට සිදුව ඇත. පසුගිය 8 වැනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය රාජාසන කතාවේදීද පැවසුවේ උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළහොත් රටට රුපියල් බිලියන 100 ක් අහෝසි වන බවත්, බදු සීමාව රුපියල් ලක්ෂ 2 දක්වා ඉහළ නැංවුවහොත් රටට රුපියල් බිලියන 63 ක් අහිමි වන බවත්ය. බදු සම්බන්ධව විවේචනාත්මකව අදහස් දක්වන පාර්ශ්වයන්ගෙන් පහත දැක්වෙන ප්‍රශ්න විමසීමට අපි කටයුතු කළෙමු.
හොඳ වැටුපක් දී එක බදු ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

බදු නැතුව සුබසාධක රාජ්‍යයක් පවත්වා ගෙන යන්න බැහැ
නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම
❶ අපි බදු අඩු කිරීම මෙන්ම, ඒ මුදල් වැය කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් විනිවිඳ බවක් තිබිය යුතුයි. මෙය අපේ රටේ නැහැ. ඒ නිසා විදේශගත ශ්‍රමිකයෝ මුදල් එවන්නේ නැහැ. අපේ පාලනයක් යටතේ බදු ගෙවන ජනතාවට තම මුදල් ආයෝජනය කරන්නේ කෙසේද යන සහතිකය ලබා දෙන්න පුළුවන්. මේ බදු සාධාරණ විය යුතුයි. බදු අය කිරීම සාධාරණ නැහැ. සමෘද්ධි ගෙවන ජනතාවගේ උන්නතිය වෙනුවෙන් යම් බදු මුදලක් අය කර ගත යුතුයි. නමුත් රටක ආර්ථිකයට වැඩිම ක්‍රියාකාරිත්වයක් දක්වන අය අධෛර්යයට පත්වුණොත් සමස්ත ආර්ථිකයම මීට වඩා කඩා වැටෙනවා. මේ බදු ක්‍රමයෙන් සිදු වී ඇත්තේ එයයි. ආයෝජකයාට ආයෝජන කිරීමට ධෛර්යයක් ලැබෙන ආකාරයෙන් අපි බදු ක්‍රමය වෙනස් කරනවා.
❷ රාජ්‍ය ආදායම පහත වැටීමේ අභියෝගයට මුහුණදිය යුතුයි. ඊට බලපෑ හේතු අවබෝධ කරගත යුතුයි. බොහෝ හේතු මේ සඳහා බලපෑවා. අද විදේශ අපනයනකරුවන් වෙන ගිණුම්වල තම මුදල් තැන්පත් කරන්නේ ඇයි? ඊට ඒ අයට දොස් කියන්න බැහැ. මේ අඩුපාඩු හඳුනාගත යුතුයි.
❸ මේ සීමාව රුපියල් ලක්ෂ 2 කිරීම සාධාරණයි. රුපියල් ලක්ෂයේ සීමාව රුපියල් ලක්ෂ දෙකෙන් පටන් ගන්නේ නම් ඒ තුළ සහනයක් මෙන්ම බදු සම්බන්ධ වංචනික ක්‍රියා නතර වෙනවා. අවශ්‍ය බදු ප්‍රමාණය එකතු කර ගැනීමට රජයට හැකි වෙනවා. මේ බද්ද එකතු වන්නේ සමස්ත දීමනා ඇතුළත් ආදායමටයි. ඒ නිසා මෙය අසාධාරණයි. බොහෝ ආදායම් බදු දෙපාර්තමේන්තු ලාංඡනය වන්නේ පැණි උරන බඹරෙක්. මල නොතලා බඹරා රොන් ගන්නා සේ ආදායම් බදු සිද්ධාන්තයත් මල නොතලා රොන් උරන සිද්ධාන්තයට වෙනස් විය යුතුයි.
❹ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගෙන් බදු අය කිරීමේ බදු ප්‍රතිපත්තිය සරල හා විනිවිද විය යුතුයි. ආයෝජකයා හෝ ශ්‍රමිකයා දිරිමත්වන ආකාරයෙන් බදු අය විය යුතුයි. මේ ගැටලුව පැන නැඟී ඇත්තේ ගෝඨාභය ජනාධිපති ආණ්ඩුව ජනතාව නොඉල්ලූ බදු සහන දීම නිසයි. මේ නිසා ඇති වූයේ රික්තකයක්. ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය නොවීමෙන් ඇතිවූයේ විදේශ සංචිත හිඟයක්. මේවා ගොඩ නැඟෙන්නේ බංකොලොත්භාවයට පිළිතුරක් ලෙස මිස ආර්ථිකය ගොඩනැඟීමේ පිළිතුරක් ලෙස නෙමෙයි. මේ දෙකට දෙන එකම ඖෂධයෙන් වෙන්නේ ලෙඩා මැරීමයි. අද ජනතාව මේ මුදල් නොගෙවීමට උන්ඩියල් වැනි විකල්ප ක්‍රම සොයා ගෙන තියෙනවා.
❺ රජය මේ සිදුරු වැසිය යුතුයි. මුදල් එකතු කර ගැනීමට විවිධ ක්‍රම තියෙනවා. වත්මන් ජනාධිපති ඇඟිල්ල දිගු කළ චෝදනා මෙන්ම අපි ඇඟිල්ල දිගු කළ චෝදනාවල සැඟවුණු මුදල් එළියට ආවොත් සමස්ත රාජ්‍ය සේවයේම බදු මුදලට වඩා විශාල මුදලක් එකතු වේවි. වංචනික භාවයට මුද්‍රා තැබීමෙන් පමණක් අපිට විශාල මුදලක් ඉතිරි කර ගත හැකියි. කිසිදු වැඩකට නැති ව්‍යාපෘති නැවැත්විය යුතුයි. බලශක්ති වියදම් අඩු කළ යුතුයි. පෞද්ගලික ප්‍රවාහන මාර්ග දියුණු කිරීමෙන් තමයි, ලොව දියුණු රටවල් මුදල් ඉතිරි කර ගන්නේ. අනිකුත් රටවල බදු විශාල ප්‍රමාණයෙන් අය කරන්නේ ජනතාවට ප්‍රවාහන, විදුලි, විදුලි සංදේශ මිල අඩුකරලා. ඒ නිසා අනිකුත් සහන ලබා දුන් පසුයි බදු අය කළ යුතු වන්නේ.
❻ බදු එපා කියලා කවුරුත් කියන්නේ නැහැනේ. බදු නැතුව සුබසාධක රාජ්‍යයක් පවත්වා ගෙන යන්න බැහැ. බදු අවශ්‍යයි. නමුත් මූලික ගුණාංග තිබිය යුතුයි. අපේ රටේ තිබු අශිෂ්ටතම බද්ද බලු බද්දයි. මේ බද්ද දෙවැනි වන්නේ බලු බද්දට පමණයි.
ආදායමෙන් තුනෙන් එකක් බදු ගෙවනවා
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
❶ අපේ බදු ප්‍රතිපත්තිය වැරදියි. මෙය සංකීර්ණයි. ඒ නිසා එය සරල විය යුතුයි. එය දරාගත හැකි විය යුතුයි. අපේ පාලනයකදි මෙය සරල කර ජනතාවට දරාගත හැකි පරිදි වූ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ වන විට උපයන විට බදු අය කිරීමේ ක්‍රමය ඉතා අසාධාරණයි. ජනතාව දැඩි පීඩාවට පත්වෙලා. ඒනිසා උපයන විට බද්ද වෙනස් කළ යුතුයි. බදු ප්‍රතිපත්තිය සාධාරණ සරල එකක් බවට පත්කිරීම අපේ අරමුණ වෙනවා.
❷ පසුගිය කාලයේ විවිධ ආණ්ඩු බදු සහන දුන්නේ ජාවාරම්කරුවන්ට. අදටත් අසාධාරණ පරිදි හිතවතුන්ගේ බදු කපාහැර සහන දෙනවා. ඉන් පස්සේ ඒ බදු බර පොදු ජනතාව මත පටවනවා. මේ අවස්ථාවේ බිඳ වැටුණු නිෂ්පාදන මාර්ග, ව්‍යාපාර ගොඩගත යුතුයි. ඒ සඳහා නිෂ්පාදන, ව්‍යාපාර කරන අයට යම් සහනයක් ලබා දිය යුතු වෙනවා. ආණ්ඩුව කියන පරිදි බදු අඩු වන්නේ නැහැ. සාධාරණව අය කරන්නේ නම් අනිවාර්යයෙන්ම බදු ලැබෙනවා. නමුත් ප්‍රශ්න පැන නැඟෙන්නේ යහළුවන්ට බදු සහන දී බදුබර ජනතාව මත පැටවීමෙනුයි. සැමගෙන්ම සාධාරණ පරිදි බදු අය කරන්නේ නම් ආණ්ඩුවට නිසි ආදායමක් ලැබෙනවා. ඒ වගේම රජය තම නාස්තිකාර වියදම් පාලනය කළේ නම් ආණ්ඩුව කරගෙන යෑමට බැරි වන්නේ නැහැ.
❸ මේ බදු සීමාව කොතෙක්ද යන්න අපි සාකච්ඡා කර තීරණය කළ යුත්තක්. බදු අයකරන ආයතන, රජයේ ආදායම් සමඟ සංවාදයෙන් මෙය තීරණය කළ යුතුයි. රුපියල් ලක්ෂයේ සීමාව කෙසේ වෙනස් කළ යුතුද යන්න පැවැසිය හැක්කේ ආර්ථික විශේෂඥයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. අද රුපියල් ලක්ෂයක වැටුපක් ගන්න අය තමන්ගෙ ආදායමෙන් තුනෙන් එකක් බදු ගෙවනවා. මෙයින් සිදුවන්නේ අපේ වෘත්තීයවේදීන් රට හැර යෑමයි. අවසානයේ ආණ්ඩුවට බදු නැති වෙනවා සේම රට හැදීමට මිනිස්සුත් නැති වෙනවා. අපි ඒ වගේ මෝඩ තීරණ ගන්නේ නැහැ. නමුත් ස්ථීරවම රුපියල් ලක්ෂයේ සීමාව වෙනස් කළ යුතුයි. එය ජනතාවට දරා ගත හැකි මුදලක් විය යුතුයි.
❹ රාජ්‍ය හෝ පෞද්ගලික හෝ වේවා ආදායම් උපයන අය රජයට බදු ගෙවිය යුතුයි. නමුත් දරාගත හැකි හා සාධාරණ මුදලක් විය යුතුයි. තමන් ගෙවන බද්ද කුමක් සඳහා යෙදවේද යන්න ඔවුන් දැනුම්වත් විය යුතුයි. එහෙම වුණොත් හැමෝම කැමැත්තෙන් බදු ගෙවයි. එවන් තත්ත්වයක් ඇති කිරීමයි අපේ අරමුණ.
❺ රාජ්‍ය ආදායම අඩුවීම බදු ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. බදුවලින් පමණක් අපේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. රටේ ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. එසේ නැතුව හිඟනුන්ට බදු ගහනවා වගේ රටක් හදන්න බැහැ. මහ බැංකුවේ ගිණුම් බැලන්ස් කිරීම පමණක් අරමුණු නොවිය යුතුයි. ඒ නිසා වෙනස් වූ සමාජ ආර්ථික ප්‍රතිපත්තියක්, වත්කම් උපයන ආර්ථිකයක් ඇති කළ යුතුයි.
❻ ආණ්ඩුවක් බදු අය කළ යුතුයි. අපි කිසිම විටක කියා නැහැ බදු අය නොකළ යුතුයි කියා. එය නොවැළක්විය හැකි දෙයක්. නමුත් බදු අයකර ගත යුතු වුණත් ප්‍රශ්නයක්ව ඇත්තේ බදු අයකර ගන්නේ කාගෙන්ද කියා. බදු ගන්නේ කොපමණද කියා තර්කයක් මතු කළ යුතුයි. ආණ්ඩුව ජනතාවගෙන් අය කරන බදු සරල හෝ සාධාරණ නම් ආණ්ඩුවට එන ආදායම වැඩියි. එසේම ලබාගන්න බදු මුදල් ජනතාව වෙනුවෙන් නැවත යෙදවේ නම්, නාස්තිය, හොරකම නැතිවේ නම් ජනතාව සිය කැමැත්තෙන්ම බදු ගෙවන්නට පෙලඹෙනවා
නොමිලයේ දෙන සේවා නවත්වා ඒ මුදල සංවර්ධනයට යෙදවිය යුතුයි
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්
❶ ආණ්ඩුවක් ක්‍රියාත්මක වීමට බදු අය කිරීම අත්‍යවශයයි. බදු අය කිරීම නොකළ යුතුය, අපේ පාලනයකදී බදු ඉවත් කරනවා යනුවෙන් පැවැසීම යථාරථයට නොගැළපෙන්නක්. බදු අය කිරීමේදි අඩු ආදායම්ලාභීන්ට, නැති බැරි අයට හිරිහැර නොවන ආකාරයෙන් සිදුකිරීමේ වගකීම රජයට තියෙනවා.
❷ ජනතා හිතවාදී ආණ්ඩුවක් නම් වක්‍ර බදු වැඩි වී සෘජු බදු අඩු විය යුතුයි. අපි මිලදි ගන්නා ගිනි පෙට්ටියට බදු මුදලත් එකතු වෙනවා. මිලදි ගන්න කෙනා කෝටිපතියෙක් වුණත්, දෛනික ආදායම් ලාභියකු වුවත් එය ලබා ගන්නේ එකම මිලට හා එකම බද්දකට. මෙය අසාධාරණයි. තමන්ට ලැබෙන ආදායමටයි, බදු අයවිය යුත්තේ. අපිට අවශ්‍ය ඒ ආකාරයේ ක්‍රියාවක් අනුගමනය කරන්න. ඒ වගේම වෘත්තිකයාගේ සේවයට නියමිත වැටුපක් ලැබිය යුතුයි. තමන්ට ආදායමක් නැතිනම් ජනතාව බදු ගෙවන්නේ කොහොමද? ඒ නිසා රටේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට වැටුප් ගෙවීම අත්‍යවශයි. මේ රටේ ජීවත්වන අඩු ආදායම් ලාභීන්ට මුදල් තිබුණොත් තමයි,තමන් ජීවත් වනවාය යන අදහස ඔවුන්ට දැනෙන්නේ. විදුලිය, පානිය ජලය, පොදු ප්‍රවාහන, විදුලි සංදේශ යන ඒවා සෑම පුරවැසියාටම අඩු මිලකින් ලැබිය යුතුයි. මිල මුදල් ඇති අය ඒම සේවාව වැඩි මිලකට වෙනස් ආකාරයෙන් ලබා ගත හැකියි.
❸ මේ ලක්ෂයේ සීමාව අපි වෙනස් කළ යුතුයි. අවුරුදු 10 කට පෙර තිබු රුපියල් ලක්ෂයේ වටිනාකම අද නැහැ. බදු අය කිරීමේ සීමාව තීරණය කළ යුත්තේ උද්දමනය පදනම් කරගෙනයි. උද්දමනය ශීඝ්‍රයෙන් වෙනස් වන නිසා මේ සීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි. තර්කානුකූලව සිතා තීරණ ගැනීම ජනතා හිතවාදී බුද්ධිමත් පාලකයන්ගේ වගකීමක්. නැතිබැරි ජනතාවට ඔරොත්තු දෙන පරිදි රටේ පාලන තන්ත්‍රය කඩා වැටීමට නොදී බදු ක්‍රමය සකස් විය යුතුයි.
❹ රාජ්‍ය අංශය සේම පෞද්ගලික අංශයත් රටේ පුරවැසියන්. ඔවුන් සියල්ල රටේ පොදු සේවා භූක්ති විඳිනවා. පුද්ගලික හෝ රාජ්‍ය අංශය කියා භේදයකින් තොරව බදු ගෙවීමේ අයිතිය කාටත් තියෙනවා. කෙසේ වෙතත් මම පුද්ගලිකව කල්පනා කරන්නේ මේ දක්වා නොමිලයේ ලබා දුන් සේවා අදියරෙන් අදියර අඩු කර නැවැත්විය හැකි තැනට පත්කළ යුතු බවයි. එක රැයකින්, එක මාසයකින් මේ දේ කළ නොහැකියි. ක්‍රමානුකූලව නොමිලයේ දෙන සේවා අඩු කර ඒ මුදල් රටේ සංවර්ධනයට යොමු කළ යුතුයි. ඒ හරහා ජනතාවගේ ජීවන මට්ටම උසස් කළ යුතුයි.
❺ රාජ්‍ය ආදායම ලැාබෙන්නේ බදුවලින්. අමතරව රාජ්‍යට කොටස් ඇති ආයතනවල ලාභය, විදේශ ආධාර වලින්. අපි අනුගමනය කරන විදේශිය ප්‍රතිපත්තිය අනුව විදෙස් ආධාර ලැබෙයි. රාජ්‍ය දියුණු වී පෞද්ගලික හා රාජ්‍ය අංශය ශක්තිමත් නම් රාජ්‍ය ආදායම හොඳින් ලැබෙනවා. ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍ය නැහැ. ජනතාව හිර නොකර ජීවත් වීමට අවස්ථාව ලබා දිය යුතුයි.
❻ බදු නැතිව ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න බැහැ. වරින් වර මෙය අධීක්ෂණය කළ යුතු වෙනවා. සමෘද්ධි ලැයිස්තුව ලක්ෂ දෙකක් පමණ සිටිනවා. මේ ලැයිස්තු සකස් කිරීමේ විශාල ප්‍රශ්න තියෙනවා. සමහර විට උදවු අවශ්‍ය අයට උදවු නැහැ. එය අපරාධයක්. සමෘද්ධි සඳහා විදුලි බිල්පත පදනම් කර ගනිමින් අඩු ආදායම්ලාභීන් විද්‍යාත්මක ක්‍රමයකට සොයා ගත යුතුයි.