මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් සියලු පාර්ශ්ව­යන්ගේ එක­ඟ­තා­ව­යක් අව­ශ්‍යයි | සිළුමිණ

මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් සියලු පාර්ශ්ව­යන්ගේ එක­ඟ­තා­ව­යක් අව­ශ්‍යයි

රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් නොකර මැතිවරණය වෙනුවන් නිසි ලෙස කළ හැකි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා වෙත ලිඛිතව දන්වා ඇත.

එහි විධායක අධ්‍යක්ෂ එස්.බී. හේරත්ගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මැතිවරණය පැවැත්වීම සඳහා කොමිසමේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන විසින් ඇති කර තිබෙන වාතාවරණය ඉතාම අයහපත් ලෙස මැතිවරණයට බලපානු ලබන බවයි.

එහි මෙසේද සඳහන් වේ.‘ මුදල් තිබියදී නැති බවට මුදල් ලේකම්වරයා හෝ වෙනත් කිසිදු ලේකම්වරයකු ප්‍රකාශ කරතැයි සිතිය නොහැක. කෙසේ වුවද මුදල් ලේකම්වරයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් කියා ඇත්තේ මුදල් නොමැති බවය. එය එසේ නම් මුදල් ඉල්ලා සිටියදී මුදල් ලැබෙතැයි විශ්වාස කළ හැකිද යන පැනය මතු වේ.

 

Comments