දුම්රිය අති­රේක සාමා­න්‍යා­ධි­කාරි ධුර­යට වී.එස්. පොල්ව­ත්තගේ පත් කෙරේ | සිළුමිණ

දුම්රිය අති­රේක සාමා­න්‍යා­ධි­කාරි ධුර­යට වී.එස්. පොල්ව­ත්තගේ පත් කෙරේ

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලෙස වී.එස්. පොල්වත්තගේ පත් කර ඇත. නව තනතුරට පත්වීමට පෙර ඔහු දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කෙළේය.

කොළඹ ආනන්ද විදුහලේ ආදිශිෂ්‍යයෙකු වන පොල්වත්තගේ මහතාගේ මූලික අධ්‍යාපනය බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයෙනි. උසස් අධ්‍යාපනයෙන් පසුව 1985 සැප්තැම්බර් මස 09 වන දින ආධුනික දුම්රිය නියාමකවරයෙකු ලෙස දුම්රිය සේවයට එක්වූ ඔහු එම ශ්‍රේණියේ විශේෂ පන්තිය තෙක් උසස්වීම් ලැබ, දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියට සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකු වශයෙන් පත්වීම් ලබා වාණිජ හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තු දෙකෙහිම විවිධ තනතුරු හොබවමින් වාණිජ උප දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරන ලදී. වසර 37ක සේවා කාලයක් සපුරමින් මේ දක්වා රාජකාරී ජීවිතයේ වෘත්තීය සමිති ගණනාවක නායකත්වය දරා ඇත.

 

Comments