ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් චීනය බලා පියාසරයි | සිළුමිණ

ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් චීනය බලා පියාසරයි

චීනය සිය දේශ සීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේදී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන්වතාවක් වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්ව සිටියි. 
 
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛතම වෙළඳපොළක් ලෙස චීනය හැදින්විය හැකි අතර කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකන්හි ප්‍රමුඛතම විවේක සංචාරක ගමනාන්තක් ලෙසද චීනය හඳුන්වා දිය හැකිය. ශ්‍රීලංකන්නැවත මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟචීනයේ සිට නැවත සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරයි. 
 
ශ්‍රීලංකන් 2023 අප්‍රේල් 3 වනදින ෂැංහයි වෙත මගී ගුවන් ගමන් දියත් කරනු ඇත. ඒ අනුව සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් පිටත්වන අතර සෑම අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම පිළිවෙලින් ෂැංහයි සිට කොළඹ බලා පැමිණීමට සැලසුම්කරතිබේ.
 
කොළඹ සිට බීජිංදක්වාගුවන්ගමන්ද 2023 අප්‍රේල් 3 වනදින ආරම්භවන අතර සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල බීජිං බලා පිටත් වීමට නියමිතයි. කොළඹ බලා ආපසු එන ගුවන් ගමන් අදාල දිනවලට පසු දිනසිදුවනු ඇත.
 
ශ්‍රීලංකන්දැනටකොළඹසහගුවැන්ෂුඅතරසතිපතාගුවන්ගමනක්ක්‍රියාත්මකකරනඅතරදෙවනගුවන්ගමන 2023 මාර්තු 4 වනදිනක්‍රියාත්මක කිරීමට නියමිතයි.  තවද, ගුවැන්ෂුවෙතශ්‍රීලංකන් 2023 අප්‍රේල් 4 වනදින සිට සතියකට ගුවන් මෙහෙයුම් තුනක් එනම් සෑමඅඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම කොළඹ සිට ක්‍රියාත්මක කරනු ඇත. ගුවැන්ෂු සිට කොළඹ දක්වා ආපසු ගුවන්ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා ක්‍රියාත්මක වේ.
 
චීන සංචාරකයින් ගෝලීය සංචාරයේ අහිමිවූ කාලය පිරිමැසීමට උත්සුකවන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ ජනප්‍රිය විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදීම සඳහා දේශීය සංචාරක වෙළඳපළ සමඟ සමීපව කටයුතු කරනු ඇත. විශේෂයෙන් සකස් කරන ලද නිවාඩු පැකේජ සහ ගනුදෙනුවලට අමතරව, ශ්‍රී ලංකන් චීන පාරිභෝගිකයින්ට Alipay සහWeChat Pay හරහා ගෙවීමේ පහසුව ලබා දෙයි.
 
 
 
 

Comments