75 වැනි නිදහස් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි | සිළුමිණ

75 වැනි නිදහස් උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි

අභිමානවත් 75 වන ජාතික නිදහස් උළෙල ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලූ මුවදොරදී මේ වන විට පැවැත්වේ. 
 
පෙරවරු 8.20 ට පමණ ජනාධිපතිවරයාගේ සම්ප‍්‍රාප්තියත් සමග නිදහස් උළෙලේ කටයුතු නිල වශයෙන් ආරම්භ විය.
 
ජයමංගල ගාථා සහ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව විනාඩි 2 ක නිෂ්ශබ්දතාවයක් ආරක්ෂා කරනු ලැබුවේ රට වෙනුවෙන් දිවි පිදූ සියලූම ශ්‍රී ලාංකිකයින් අනුස්මරණය කිරීම වෙනුවෙනි.
 
ආචාර වෙඩිමුර 21 ක් සමගින් ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපති උත්තමාචාර පිරිනමනු ලැබිණ.
 
“නමෝ නමෝ මාතා-සියවසකට පියවරක්” යන තේමාව යටතේ මෙවර  75 වන ජාතික නිදහස් උළෙල කොළඹ ගාලුමුවදොර පිටියේදී මේවන විට පැවැත්වේ. 

Comments