සිරකරුවන් 622 කට ජනපති සමාව | සිළුමිණ

සිරකරුවන් 622 කට ජනපති සමාව

 
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා හට ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියට පැවරී ඇති බලතල අනුව, බන්ධනාගාරගත සිරකරුවන්ට මෙවරත් ජනාධිපති සමාව ප්‍රදනය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
 
ඒ අනුව, දිවයින තුළ බන්ධනාගාරගත  සිරකරුවන් 622 ක් හට රාජ්‍ය සමාව හිමි වී ඇති අතර අද(04) මෙම සිරකරුවන් බන්ධනාගාර ආයතන තුළින් නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.
 
එමෙන්ම අද නිකුත් කර ඇති චක්‍රලේඛණ අනුව, මත් ද්‍රව්‍ය ‍චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ පුනරුත්ථාපනය වන සිරකරුවන් හටද මෙලෙස ජනාධිපති සමාවක් ප්‍රදානය කර ඇත. 
 
මීට අමතරව බන්ධනාගාර තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් බන්ධනාගාර බලපත්‍ර මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සුදුසුකම් ලැබූ බන්ධනාගාරගත රැඳවියන් 31 ක් ද අද දින නිදහස් වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. 

Comments