
ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රමෝද් ද සිල්වා සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ඉකුත් දා වැඩ බාරගනු ලැබීය. ඩේලිනිවුස් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කලක් කටයුතු කළ ඔහු සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ද ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ. අම්බලන්ගොඩ උපන් ප්‍රමෝද් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර වසර 30ක පමණ කාලයක් වෘත්තීය මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කර තිබේ.