විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපුවෙත් පැමිණිලි කරන්න | සිළුමිණ

විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපුවෙත් පැමිණිලි කරන්න

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී විදුලි කප්පාදුව සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දී නොමැති බැවින් එවැනි අනවසර විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදු වුවහොත් ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව දැනුම් දීමක් කරයි.
 
දැනුම් දිය හැකි මාර්ග
 
0775687387 (වට්ස්ඇප්)
ඊමේල් consumers@pucsl.gov.lk
ෆැක්ස් 0112392641
 
මේ අතර විදුලිබල ඉල්ලුම කළමනාකරණය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ වැඩසටහනට අනුමැතිය ලබාදිය නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම ඔවුන්ට දන්වා තිබේ.
 
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලි කප්පාදුව තුළින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින 331,000 වූ සිසුන්ගේ අයිතීන් උල්ලංඝනය වන බවය.

Comments