
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(27) පෙනී සිටියේය.
විත්තිකුඩුවෙන් පිටත සිටි ඒ මහතාට විත්තිකුඩුවට නගින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු වු ජේසුදාසන් නඩේසන් යන අය පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස මෛත්‍රීපාලන සිරිසේන මහතාට නොතිසි නිකුත් කර තිබුණි. ඒ අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විවෘත අධිකරණයේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයාට විත්තිකුඩුවට නගින ලෙස විනිසුරුවරයා නියෝග කලේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිදුකළ කරුණු දැක්වීමකට අනුවය.
ඔහු න්‍යෛතික තර්ක ඉදිරිපත් කරමින් කියා සිටියේ සිරිසේන මහතා මෙම සිද්ධියේ සැකකරුවෙකු බැවින් විත්තිකුඩුවට නැගිය යුතු බවයි. ඒ අනුව විත්තිකුඩුවෙන් පිටත සිටි හිටපු ජනාධිපතිවරයාට විත්තිකුඩුවට නගින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුවට අදාළව ලබන මාර්තු 17වැනිදා අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙස ද හිටපු ජනාධිපතිවරයාට මෙහිදි නියෝග කෙරුණි.
සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ඇතුලු නීතිඥ මඩුල්ල ප්‍රකාශ කලේ මෙම සිද්ධියට අදාළව අභියාචනාධිකරණයේ නඩුවක් පවතින බවයි. එම නඩුව ලබන 31වැනිදා කැදවීමට නියමිත බව ද ඔවුන් පැවසීය.