
මහමාන්කඩවල,වැවපාර ප්‍රදේශයේ නිවසක අද(27) අළුයම සිදුවු හදිසි ගින්නක් හේතුවෙන් මව,දියණිය හා පුතා පිලිස්සි මිය ගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වැවපාර, මහමාන්කඩවල, ඇලයාපත්තුව යන ලිපිනයේ පදිංචි නිශාන්ති හේමලතා(30)නැමති මව හා ඇගේ දියණිය වන ජයරත්නගේ හංසකා ප්‍රබෝදනි(10) ඇයගේ පුතා වන ජයරත්නගේ විනුජ නවෝද් ජයරත්න(05) නැමති තිදෙනෙකි.
ගිණි ගැනිම හේතුවෙන් මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද බරපතල පිලුස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙම නිවසට වෙනත් නිවසකින් විදුලි රැහැන් ඇද විදුලිය ලබාගෙන තිබු බවත් එම කාමරයේ පෙට්ට්‍රල් බුලියක් තිබු බවත් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණය වු බවද පොලිසිය පවසයි.