ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාව ගැන දැනුම්දීමක් | සිළුමිණ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාව ගැන දැනුම්දීමක්

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ(25) රාත්‍රියේ නිකුත් කෙරුණි. 
 
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහැරීමට පියවර ගත් බවයි.
 
ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කකය හා මාධ්‍යය අනුව අදාළ කඩඉම් ලකුණු සමග සඳහන් කර තිබේ.
 
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 20,000ක් වන අතර ඒ අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කර තිබීම විශේෂත්වයකි.
 
යම් සිසුවෙකුට ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් පෙබරවාරි 28 වැනිදා දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Comments