ජපානයේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකාවට - ජපානයෙන් සහතිකයක් | සිළුමිණ

ජපානයේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකාවට - ජපානයෙන් සහතිකයක්

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා මහතා පවසයි.
 
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවය.
 
එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කර තිබේ.
 
වසර 70ක දරුණම ආර්ථික අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජපානය ක්‍රියාකරමින් සිටින බවද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත. 

Comments