
2023 වර්ෂට අදාළ අංක 07 සහ දෛව අංක 01 අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව ගළපා බැලීමේදී ඔබට 2023 වර්ෂය ඉතා වාසනාවන්ත වසරක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව 2023 සාර්ථක වසරක් බවට පත්කර ගැනීමේ වාසනාව ඔබ සතුව ඇත.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය සාමකාමී ලෙස ගෙවිය හැකි අතර යම් මතභේද ඇති වුවත් ඒවා එතරම් දුරදිග නොයයි. පවුලේ ප්‍රියසම්භාෂණ සහ උත්සව අවස්ථා යෙදීමට නියමිතය. අවිවාහක අයට යහපත් විවාහයක් යෙදෙන වසරකි. එමෙන්ම නව ප්‍රේම සබඳතා ඇති වන බවක් ද පෙන්නුම් කරයි.
ආර්ථිකය- ආර්ථිකය අතින් ඉතා වාසනාවන්ත වසරක් වෙන අතර, නව ව්‍යාපාර සඳහා සුදුසු වසරක් වෙයි. පාරම්පරික උරුම හිමිකම් ලැබීමක් ද පෙන්නුම් කරයි. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකිවෙයි. රැකියාවේ ස්ථාන මාරුවක් ද බලාපොරොත්තු විය හැකිය.
අධ්‍යාපනය- අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති නොවන අතර ඒ සඳහා උදවු උපකාර හිමිවන වසරකි.
සෞඛ්‍යය- උෂ්ණගත රෝග, මළබද්ධය, ගැස්ට්‍රික් වැනි රෝග තත්ත්වයන් මතුවීමේ වැඩි අවදානමක් පවතින බැවින් සෞඛ්‍ය පිළිබඳ උනන්දු වන්න.
සුබ අංක- 1, 2, 4, 7, 10, සුබ වර්ණ- රන්වන් වර්ණය, කහ, දුඹුරු,
සුබ දවස් - ඉරිදා සහ සඳුදා
දෛව අංක 03 ආර්ථිකය ඉතා යහපත්
දෛව අංක 03 සහ වර්ෂයේ අංකය ගළපා බැලීමේදී ඉතා සුබපල සහිත වසරක් ලෙස 2023 වසර පෙන්වා දිය හැකිය.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය සාමකාමීව ගෙවිය හැකි වෙයි. ඥාති හිතවතුන්ගෙන් සහෝදරයන්ගෙන් ලාභ ප්‍රයෝජන සහ උපකාර ලැබෙයි. විවාහ අපේක්ෂිතයන්ට තරමක් බාධා ඇති වුවද සාර්ථක වසරක් ගෙවීමට ඔබට වාසනාව ඇත.
ආර්ථිකය- නව ව්‍යාපාර සහ ආයෝජන අවස්ථාවන් උදාකර ගත හැකි වසරක් බැවින් ආර්ථික වශයෙන් ඉතා හොඳ ලාභ බලාපොරොත්තු විය හැකිය. හවුල් ව්‍යාපාරවලට ද යහපත් වෙයි. තනතුරු සහ උසස්වීම් ලැබීමට තිබේ නම් පහසුවෙන් හිමිවෙන වසරකි. රැකියාවේ වෙනසක් යෙදීමේ ද වැඩි ඉඩක් පවතියි.
අධ්‍යාපනය- මතක ශක්තිය අඩු වීම අධ්‍යාපනයට බාධාකාරී බවක් ගෙන දෙයි.
සෞඛ්‍යය- නිතර ක්ෂණිකව කේන්ති යන ස්වභාවයක් පෙන්නුම් කෙරෙන අතර එය මානසික සෞඛ්‍යයට අහිතකර වේ. උදරය ආශ්‍රිත කැක්කුම් වේදනා, අජීර්ණ තත්ත්වයන් ඇතිවිය හැකිය.
සුබ අංක- 3, 12, 21, 30, සුබ වර්ණ - දම්, රතු, කහ, රෝස
සුබ දවස් - බ්‍රහස්පතින්දා,සිකුරාදා සහ සෙනසුරාදා
දෛව අංක 02 මිශ්‍රපල ගෙන දෙයි
2023 වර්ෂයේ අංකය හා දෛව අංක 02 ගළපා බැලීමේදී ඔබට 2023 වර්ෂය මිශ්‍රපල සහිත වසරක් ලෙස හැඳින්විය හැකිය.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය තුළ මත ගැටුම් හා වාද විවාද තත්වයන් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. තමාගේ ළඟම හිතවතකුගේ හෝ පවුලේ ඥාතියකුගේ අභාවයක් පිළිබඳ අසන්නට ලැබෙන වසරක් විය හැකිය. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු සඵල කරගත හැකිය. එහෙත් පදිංචි ස්ථානයේ යම් දෝෂ තත්වයක් ඇති විය හැකි බැවින් ඒ ගැන අවබෝධයෙන් සිටින්න. වාස්තු විද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුයි.
ආර්ථිකය- ආර්ථික වශයෙන් යහපත් තත්වයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරික වශයෙන් දියුණුවක් ලැබිය හැකි වසරකි. ඔබගේ විදේශ ගමන් බලාපොරොත්තුක් තිබේ නම් මේ වසරේදී එය සාර්ථක කරගත හැකිය.
අධ්‍යාපනය- දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇති බාධා දුරු වුවද උත්සාහයෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.
සෞඛ්‍යය- අවදානම් සහගත රැකියා කරන අය පරෙස්සම් විය යුතුය. වැටීම්, තැළීම් වැනි දේවල් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. සෙම් රෝග, පපුව ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති විය හැකි බැවින් වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න.
සුබ අංක- 1, 2, 7, 10, 11, සුබ වර්ණ - සුදු, කොළ, ළා නිල්, රෝස, සුබ දවස්- සඳුදා සහ සිකුරාදා
දෛව අංක 05 මංගල සිහින සැබෑ වෙන වසරක්
2023 වර්ෂයට අදාළ අංක 07 සමඟ ගළපා බැලීමේදී දෛව අංක පහෙන් උපන් ඔබට ඉතාමත් සුබදායක වර්ෂයක් ලෙස පෙනී යයි. විශේෂයෙන් කිව යුත්තේ කාලයක් තිස්සේ කිරීමට සිතාගෙන සිටි කරුණක් නව වසරේ ඉටුකර ගැනීමට හැකියාව ලැබෙන බවයි.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය පෙර වර්ෂයට වඩා සාමකාමීව හා සහයෝගයෙන් ගත කිරීමට හැකියාව ලැබෙයි. විවාහ අපේක්ෂකයන්ගේ මංගල සිහින සැබෑ වන වසරක් වන අතර මංගල යෝග ක්‍රියාත්මක වෙන වසරක් ලෙස පෙන්වා දිය හැකිය. සහෝදරයන්ගේ හා හිතවතුන්ගේ උදව් උපකාර වැඩිපුර ලබා ගැනීමට හැකි වෙයි.
ආර්ථිකය- ඔබට ලැබීමට නියමිතව තිබූ ධනයක් හෝ උරුම හිමිකමක් ලැබෙන වසරකි. රැකියාව සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇතිවිය හැකි බැවින් පරෙස්සම් වීම වැදගත්.
අධ්‍යාපනය- අධ්‍යාපනය ලබන, විභාගවලට මුහුණ දීමට සිටින දරුවන් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වඩාත් උනන්දු විය යුතු අතර තරමක් බාධා කරදර ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
සෞඛ්‍යය- සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් පරෙස්සම් විය යුත්තේ ස්නායු රෝග, රුධිරගත රෝග හා උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන් සම්බන්ධයෙනි.
සුබ අංක- 3, 5, 9, 12, 14, සුබ වර්ණ - අලු, සුදු සහ ළා කොළ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා
දෛව අංක 04 යහපත් සබඳතා ඇතිවෙයි
දෛව අංක හතරෙන් උපන් ඔබගේ 2023 වර්ෂයේ පලාපල සලකා බැලීමේදී 2023 වර්ෂයට අයත් අංක 07 සමඟ හොඳ ගැළපීමක් පෙන්නුම් කරන බැවින් නව වසර ඔබට යහපත් සුබදායක වර්ෂයක් ලෙස පෙන්වා දිය හැකිය.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය වාසනාවන්ත වන අතර ගෙදර දොර කටයුතු සතුටින් සිදුකර ගැනීමට හැකිවෙයි. විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුකර ගත හැකි නමුත් නොගැළපෙන සබඳතා ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. යහපත් මිනිසුන් ඇසුරට ලැබෙන අතර, ඒ තුළින් සාර්ථකත්වයට මඟ පාදා ගැනීමට හැකි වෙයි. එහෙත් වචන භාවිතයේදී කල්පනාකාරී විය යුතුය. හිත් අමනාපකම් ඇති විය හැකි බැවින් අධ්‍යාත්මික පැත්තට තරමක් නැඹුරු විය යුතු වසරකි.
ආර්ථිකය- වියදම් පැත්ත තරමක් වැඩි විය හැකි නමුත් ආදායමේ ද වර්ධනයක් පෙන්නුම් කරයි. රැකියාවේ දියුණුවක් ඇති කරන අතර උසස්වීම් තනතුරු ආදිය බලාපොරොත්තු විය හැකි වසරකි. ස්වයං රැකියාවල නිරත වූවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර ගත හැකිය.
අධ්‍යාපනය- ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට තරමක් අපල බාධා ඇතිවිය හැකි බැවින් වැඩිහිටියන් ඒ ගැන අවධානය යොමු කළ යුතුය. මේ ඔබ අනතුරු ආදියෙන් පරෙස්සම් විය යුතු වසරකි. උදරය, පපුව හා හෘදය ආශ්‍රිත රෝගාබාධවලින් පෙළෙන අය වඩාත් පරෙස්සම් වන්න. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.
සුබ අංක- 1, 2, 4, 7, 10, 11, 16, සුබ වර්ණ - ළා නිල්, ළා කහ, සුදු සහ අලු, සුබ දවස්- ඉරිදා සහ සඳුදා
දෛව අංක 06 ප්‍රසිද්ධිය, කීර්තිය සමඟ ධනය
2023 වර්ෂයට හිමි අංක 07 සමඟ දෛව අංක 06න් උපන් ඔබ ගැන සලකා බැලීමේදී ඉතා සුබපල දෙන වසරක් ලෙස පෙන්වා දිය හැකිය. යහපත් බලාපොරොත්තු රැසක් සාර්ථක කර ගත හැකි වසරකි.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය සාමාන්‍යාකාරයෙන් ගතවෙන අතර ඔබේ දක්ෂතා හා හැකියාවන් ඇගැයීමට ලක්වෙන වසරකි. එමෙන්ම අන් අයගේ අවධානය සහ ජනප්‍රිය භාවය වැඩිපුර ලැබෙන වසරක් ලෙස පෙන්වා දිය හැකිය. සමාජ සත්කාර හා දාන මානාදී පින්කම් සඳහා සම්බන්ධ වීමේ අවස්ථා උදා වෙයි. විවාහ අපේක්ෂිතයන් වඩාත් කලාපනාකාරී විය යුත්තේ නුසුදුසු නොගැළපෙන සබඳතා ඇතිවිය හැකි බැවිනි.
ආර්ථිකය- ව්‍යාපාර හා ආයෝජන කටයුතුවලින් වැඩි ආදායම් උපයයි. තැන්පත් ධනය වර්ධනය වන වසරක් වෙයි.
අධ්‍යාපනය- අධ්‍යාපනය ලබන දරුවන් තුළ අලස බව වැඩිපුර ඇතිවිය හැකි අතර ඉගෙනීමේ කටයුතු අඩාළ වීමට එය හේතු විය හැකි බැවින් උත්සාහය, උනන්දුව වැඩිපුර ඇතිකර ගත යුතුය.
සෞඛ්‍යය- අනතුරුවලින් වඩාත් පරෙස්සම් විය යුතුය. විශේෂයෙන් අවදානම් සහිත රැකියා කරන අය වඩාත් පරෙස්සම් ම් වන්න. පාද සහ දණිස් ආශ්‍රිත ආබාධ සහ මුත්‍රා ආබාධ ඇතිවිය හැකි බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙයි.
සුබ අංක- 3, 6, 9, 12, 15, සුබ වර්ණ - නිල්, රෝස සහ කොළ, සුබ දවස් - සිකුරාදා සහ බ්‍රහස්පතින්දා
දෛව අංක 08 යහපත් ගෘහ ජීවිතයක සතුට
දෛව අංක 08න් උපන් ඔබට 2023 වර්ෂය ඉතා සුබදායක යහපත් වර්ෂයක් වෙයි. වර්ෂයේ අංකය වන අංක 07 හා දෛව අංක 08 අතර ඉතා හොඳ සම්බන්ධතාවක් පවතියි.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය යහපත් වන අතර පෙර වර්ෂයට වඩා සතුටින් සමගියෙන් කාලය ගත වෙයි. විවාහ අපේක්ෂකයන්ට බාධා යෙදෙන අතර, විවාහය ප්‍රමාද වීමට හේතු යෙදිය හැකිය.
ආර්ථිකය- නව ආදායම් මාර්ග නිර්මාණය වන වසරක් බවට පත්වෙන අතර, තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. රැකියා, ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි අතර, දිගුකාලීන ආයෝජනවලින් ද සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. නව රැකියා බලාපොරොත්තු වන අයට තරමක් බාධා ඇති කරන වසරක් වන්නේ රැකියාවක් ලැබීම පමා විය හැකි බැවිනි.
අධ්‍යාපනය- අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් වසරකි. විද්‍යා, ගණිත අංශවලින් ඉහළ ප්‍රතිඵල ලැබිය හැකිය. විදේශ ගමන් සාර්ථක වන වසරකි. සමාජය තුළ හොඳ නමක් තබාගෙන කටයුතු කළ හැකි වේ.
සෞඛ්‍යය- පෝෂණ ඌනතා නිසා දරුවන්ට සහ පවුලේ අයට රෝගාබාධ හට ගත හැකිය. ජලයෙන් සහ විදුලියෙන් පරෙස්සම් විය යුතුය. සෙම රෝග, උණ රෝග සහ බෝවෙන රෝගවලින් වඩාත් පරෙස්සම් වන්න.
සුබ අංක- 5, 6, 8, 17, සුබ වර්ණ - අලු, නිල්, කහ, දම්, දුඹුරු, සුබ දවස් - නිල්, කොළ, සුදු
දෛව අංක 07 තැන්පත් ධනයේ වර්ධනයක්
2023 වර්ෂයට අදාළ අංක 07ම ඔබගේ දෛව අංකය ද වෙයි. මෙය ඉතාම යහපත් බලාපොරොත්තු ඉටුවන වසරක් ලෙස පෙන්වා දිය හැකිය. සකසුරුවම් කමින් හා අරපිරිමැස්මෙන් කටයුතු කරන වසරකි.
ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය යහපත් වෙයි. සමගිය, සතුට වර්ධනය වෙයි. වන්දනා ගමන් ආදි දුර බැහැර ගමන් බිමන් වැඩිපුර යෙදෙයි. මංගල යෝජනා බිඳ වැටීමට හේතු පෙනේ. ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමේදී දුර දිග සිතා බලා කටයුතු කළ යුතුය.
ආර්ථිකය- තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්නුම් කරයි. බලාපොරොත්තු වූ ණයක් හෝ මුදලක් ඔබට හිමිවෙන වසරකි. ව්‍යාපාරික හෝ රාජකාරි ස්ථානවල ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට හැකියාව ලැබෙයි. රැකියාවේ දියුණුවක් ඇති කරන අතර උසස්වීම් තනතුරු හිමිවීමේ වාසනාව පවතියි.
අධ්‍යාපනය- අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී තත්ත්වයන් යෙදිය හැකි බැවින් ඒ ගැන උනන්දු වන්න.
සෞඛ්‍යය- වකුගඩු, මුත්‍රා ආශ්‍රිත රෝග තත්ත්වයන් තිබෙන අය වඩාත් පරෙස්සම් වන්න. මලබද්ධය, ගැස්ට්‍රයිටිස් වැනි රෝග ඉස්මතු විය හැකිය. උෂ්ණගත රෝගවලින් ද පරෙස්සම් වන්න.
සුබ අංක - 2, 3, 6, 7, 9, සුබ වර්ණ - කොළ , ළා කහ සහ සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා
දෛව අංක 09
අවිවාහකයන්ගේ පැතුම් ඉටු වෙයි
2023 වසරේ අංකය වන අංක 07 සමඟ දෛව අංක 09 ගැළපීමේදී යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබදායක වර්ෂයක් ලෙස හැඳින්විය හැකිය. සමස්තයක් ලෙස සුබදායක බලාපොරොත්තු තබාගත හැකි වසරකි.
ගෘහ ජීවිතය- මානසික සහනය ඇති කරන අතර ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකියාව ලැබේ. ප්‍රිය සම්භාෂණවලට වැඩිපුර සම්බන්ධ වීමට අවස්ථාව යෙදෙයි. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන වසරකි. ප්‍රේම සබඳතා ඇතිවුවත් තම චරිතයට හානි සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
ආර්ථිකය- ව්‍යාපාරවලින් වැඩි ආදායම් ලැබිය හැකි වසරකි. බලාපොරොත්තුවෙන් සිටි මුදලක් ඔබ අතට ලැබෙන වසරකි. රැකියාවේ උසස්වීම් හා නිලතල බලාපොරොත්තු විය හැකිය.
අධ්‍යාපනය- අධ්‍යාපන කටයුතුවලට ඉතා සුබ වසරකි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණවලින් ජය අත්වෙයි. විදේශ ගමන් බලාපොරොත්තු වන්නේ නම් සාර්ථක කර ගත හැකිය.
සෞඛ්‍යය- පිටකොන්දේ සහ පාද ආශ්‍රිත වේදනා කැක්කුම් ඇතිවිය හැකිය.
සුබ අංක- 3, 6, 9 12, 15,18, සුබ වර්ණ - රතු සහ රෝස, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
දෛව අංකය
සොයා ගන්නා ආකාරය
ඔබේ උපන් දිනය 1980.11.09 යැයි සිතමු.
උපන් වර්ෂය, මාසය සහ දිනය පහත ආකාරයෙන් සටහන් කරගෙන ඒවා තනි සංඛ්‍යාවක් ලැබෙන තුරු එකතු කරන්න. එවිට ලැබෙන උපන් වර්ෂයේ, මාසයේ සහ දිනයේ තනි සංඛ්‍යාව නැවතත් තනි සංඛ්‍යාවක් ලැබෙන තුරු එකතු කළ විට ලැබෙන අවසන් ඉලක්කම ඔබේ දෛව අංකයයි.
1980=1+9+8+0=18=1+8=09
11= 1+1=2
09=09
09+2+9=20
2+0=2
දෛව අංකය වන්නේ අංක 2
රාහු කාලය
2023 ජනවාරි 23 සඳුදා සිට 29 ඉරිදා දක්වා
23 සඳුදා දහවල් 07.57 - 09.26 දක්වා
රාත්‍රී 19.47 - 21.19 දක්වා
24 අඟහරුවාදා දහවල් 15.19 - 16.48 දක්වා
රාත්‍රී 03.25 - 04.57 දක්වා
25 බදාදා දහවල් 12.23 - 13.52 දක්වා
රාත්‍රී 00.23 - 01.55 දක්වා
26 බ්‍රහස්පතින්දා දහවල් 13.51 - 15.20 දක්වා
රාත්‍රී 01.54 - 03.26 දක්වා
27 සිකුරාදා දිහවල් 10.54 - 12.23 දක්වා
රාත්‍රී 22.51 - 00.23 දක්වා
28 සෙනසුරාදා දහවල් 09.26 - 10.55 දක්වා
රාත්‍රී 21.20 - 22.52 දක්වා
29 ඉරිදා දිවා 16.49 - 18.18 දක්වා
රාත්‍රී 04.57 - 06.29 දක්වා
බිලිඳු නමට අකුරු
2023 ජනවාරි 22 සිට ජනවාරි 28 දක්වා
•ජනවාරි 22 ඉරිදා
ජනවාරි 22 ඉරිදා 06.29 තෙක්
උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු බෙ,බො, ජ,ජි
•ජනවාරි 23 සඳුදා
ජනවාරි 22 ඉරිදා 06.29 සිට
ජනවාරි 23 සඳුදා 03.20 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු,ජෙ, ජො,ෂ
•ජනවාරි 2 අඟහරුවාදා
ජනවාරි 23 සඳුදා 03.20 සිට
ජනවාරි 24 අඟහරුවාදා 00.26 තෙක් දෙනට නැකැතයි.
සුදුසු අකුරු ග,ගි,ගු,ගෙ.
එදිනම 00.26 සිට 21.57 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො,ස,සි,සු
•ජනවාරි 25 බදාදා
ජනවාරි 24 අඟහරුවාදා 21.57 සිට ජනවාරි 25 බදාදා 20.05 තෙක් පුවපුටුප නැකැතයි.
සුදුසු අකුරු සෙ,සො,ද,දි
•ජනවාරි 26 බ්‍රහස්පතින්දා
ජනවාරි 25 බදාදා 20.05 සිට
ජනවාරි 26 බ්‍රහස්පතින්දා 18.56 තෙක්
උත්‍රපුටුප නැකැතයි. සුදුසු අකුර දු
•ජනවාරි 27 සිකුරාදා
ජනවාරි 26 බ්‍රහස්පතින්දා 18.56 සිට
ජනවාරි 27 සිකුරාදා 18.36 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ,දො, ච,චි
•ජනවාරි 28 සෙනසුරාදා
ජනවාරි 27 සිකුරාදා 18.36 සිට
ජනවාරි 28 සෙනසුරාදා 19.05 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු,චෙ,චො,ල ඉන් පසු ඉරිදා 20.20 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි,ලු,ලෙ,ලො
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ
ජ්‍යෝතිර්වේදී
පාඨශාලාචාර්ය
ඉසිවර සහන
ජ්‍යෝතිෂ්‍යය සේවය
අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව 2023 වර්ෂය ධූම ග්‍රහයාට හෙවත් කේතු ග්‍රහයාට අයත් වර්ෂයකි. එසේ වන්නේ 2023 වර්ෂයට අදාළ අංකවල එකතුව තනි අංකයක් ලෙස ගත් විට අංක 07 ලෙස ලැබෙන බැවිනි. එය මෙසේ දැක්විය හැකිය. 2+0+2+3=07 අංක හත කේතු ග්‍රහයාට අයත් අංකයක් වන අතර, 2023 වර්ෂයේ කේත්‍ර ග්‍රහයාට හිමි වර්ෂයක් ලෙස දැක්විය හැකිය.
ග්‍රහ මණ්ඩලය තුළ පාප ග්‍රහයකු ලෙස සැලකෙන කේතුට හිමි වසරක් වීම තුළ 2023 වර්ෂය සමස්තයක් ලෙස රටට හා ලෝකයට නම් එතරම් සුබදායක වර්ෂයක් විය නොහැකි බව පෙනේ. දැඩි ආර්ථික පීඩා, සෞඛ්‍ය ගැටලු මෙන්ම විවිධ සොයාගත නොහැකි ආකාරයේ වසංගත රෝග පවා ඉස්මතු විය හැකි කාලයක් ලෙස සඳහන් කළ හැකිය. 2023 වර්ෂය ආගමට දහමට නැඹුරුව ගත කිරීම නුවණට හුරු බව සඳහන් කරන අතර, එමඟින් යම් තරමකට හෝ අපල තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඔබගේ දෛව අංකයට අනුව 2023 වර්ෂයේ පලාපල සඳහන් කිරීමේදී පළමුවෙන් ඔබ ඔබගේ දෛව අංකය සොයා ගත යුතුය. ඒ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට හිමි අංක සියල්ල තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. එය උදාහරණයකින් මෙසේ දැක්විය හැකිය.
1995. 10.12 දින උපන් අයකුගේ දෛව අංකය සොයා ගන්නේ මෙසේය.
1995 = 24 = 2 + 4 + = 06
10 = 1 + 0 = 01
12 = 1 + 2 = 03
06+01+03 = 10
1+0=01
මේ අනුව ඔහුගේ දෛව අංකය වන්නේ අංක 01යි. මේ ආකාරයට ඔබගේ දෛව අංකය සොයා ගැනීමට හැකියාව ඇත. ඔබේ දෛවය අංකය අනුව 2023 වර්ෂයේ පලාපල විස්තර මෙතැන් සිට සඳහන් කරන අතර, ඔබට බලපාන සුබ, අසුබ තත්ත්වයන් හඳුනාගෙන 2023 වර්ෂය සාර්ථක සුබදායී වර්ෂයක් කර ගැනීමට උනන්දු වන්න.
දෛව අංක
03,05,07, 08
හිමියන්ගේ
ආර්ථික තත්ත්වය
ඉහළට