කොළඹ නගර සභාවට තරග කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමත් සමඟ හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා 2020 මහ මැතිවරණයේදී සජබ කොළඹ දිස්ත්‍රික් වැඩිම මනාප අනුව ඉහළින්ම සිටින හිටපු ඇමැතිවරයකු වූ ඒ. එච්. එම් ෆවුසි පත්වීමට නියමිතය.
මැතිවරණ කොමිසමේ නිලධාරීයෙක් සඳහන් කළේ මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිසමට ලැබී ඇති බවත්, කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවට අනුව ඊළඟට ඉදිරියෙන් සිටින මන්ත්‍රීවරයා පත්කර එවන ලෙස අදාළ ලිපිය කොළඹ දිසාපතිවරයාට යොමු කළ බවය. මේ පිළිබඳ විමසීමේදී සජබ මහ ලේකම් තිස්ස අත්තනායක සනාථ කළේද හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ඒ. එච්. එම් ෆවුසි පත්වනු ඇති බවයි.