මාව­නැල්ල ඝාත­නයේ ප්‍රධාන සැක­කරු ඇතුළු 6ක් අත්අ­ඩං­ගු­වට | සිළුමිණ

මාව­නැල්ල ඝාත­නයේ ප්‍රධාන සැක­කරු ඇතුළු 6ක් අත්අ­ඩං­ගු­වට

 

 

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවක් නිසා මාවනැල්ලේ මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අර්ෆත් යන තරුණයන් දෙදෙනා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඝාතනය කළ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහොමඩ් ෆර්හාන් ඇතුළු සැකකරුවන් සයදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකළ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.

පසුගිය 15 වැනිදා මාවනැල්ලේදී සහ වැලිඔයදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර පසුගිය 19 වැනිදා පුත්තලමේ නිවෙසක සැඟව සිටියදී ප්‍රධාන සැකකරු ලෙස සලකන ෆර්හාන් සමඟ රඹුක්කන ෆාහිම්, මාවනැල්ලේ රිස්වි සහ අපරාධකාරයන්ට නවාතැන් දුන් පුත්තලමේ නිවෙස හිමි මොහොමඩ් මුසාෆ්ද එසේ අත්අඩංගුවට පත්ව තිබේ. එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් එක් සැකකරුවකු පමණක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

Comments