
කොළඹ මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම අද(20) සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරයා දන්වා ඇත.
ඒ අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවද මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා සිටී.