විශ්ව රූ රැජින මෙවර අමෙරිකාවෙන් | සිළුමිණ

විශ්ව රූ රැජින මෙවර අමෙරිකාවෙන්

71ක්වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී පසුගිය සෙනසුරාදා (14) රාත්‍රියේ දී පැවැත්වුණි.
 
එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ආර්බොනි ගේබ්‍රියෙල් ය.
 
දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.
 
මෙවර විශ්ව රූ රැජින කිරුළු පලන් අමෙරිකානු රූප රාජිණිය උපතින් පිලිපීන ජාතික තරුණියකි. ඒ අනුව විශ්ව රූ රැජින ලෙස කිරුළු ජයග්‍රහණය කළ පළමු පිලිපීන අමෙරිකානුවා බවට ද ඇය පත්වේ. 
 
ආර්බොනි ගේබ්‍රියෙල්, ටෙක්සාස් හි විලාසිතා නිර්මාණ කටයුතු, නිරූපිකාවක් සහ මැහුම් උපදේශකවරියක් ලෙසද කටයුතු කරයි.  එසේම ඇය පාසල් කාලයේ දී වොලිබෝල් ක්‍රීඩිකාවක් ලෙසින් කටයුතු කර ඇති අතර උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියෙකි. 

Comments