ඕමානයේ රදවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට | සිළුමිණ

ඕමානයේ රදවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

ඕමානයේ රැකියා සඳහා පිටත්ව ගොස් විවිධ අපහසුතාවයන්ට පත්ව ඕමාන ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටි  තවත් කාන්තාවන් 14 ක් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් අද(15) අලුයම ශ්‍රීලංකාවට ගෙන්වාගන්නා ලදී. 
 
 ඕමානයේ මස්කට් ගුවන්තොටුපලේ සිට පැමිණි UL206 අංක දරන ගුවන් යානයෙන් අද අලුයම 5 මෙම පිරිස දිවයිනට පැමිණ ඇත. මෙමෙ පිරිස අතරින් කාන්තාවන් 7 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවී ඇති අතර,7 දෙනෙකු විදේශ ගතවී ඇත්තේ නීති විරෝදී ලෙස සංචාරක විසා මගිනි. 
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීතිවිරෝදී අයුරින් විදේශ ගතවන පුද්ගලයින් ගෙන්වාගැනීම සඳහා මුදල් වැයකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යන්ශයට නීතිමය ප්‍රතිපාදන නොමැති නමුත්,කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත ලබාගත්  විශේෂ කැබිනට් අනුමැතියක් මත මෙම පිරිස ගෙන්වාගැනීමට කටයුතු කර ඇත. 
 
මේ අය අතරින් 5දෙනකු වෙත තම නිවෙස් වෙත යාම සඳහා  ගමන් වියදම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත. යම් පුද්ගලයෙකු විදේශ ගතවන අවස්ථවේදී  තම ඥාතීන් හෝ මිතුරන් බැලීමට යන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට අසත්‍ය තොරතුරු ලබාදී විදේශ ගතවී ඇත්නම් ඔවුන්ට සහ ඔවුන් විදේශ ගත කිරීමට කටයුතු කල පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තුවේ.  
 
මේ අතර සිටි එක කාන්තාවක් ගුවන්තොටුපළේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් මගහැර පලාගොස් තිබේ. ඕමාන්  සුරක්ෂා නිවසේ සිටි කාන්තවන් 32කු මේවනවිට ශ්‍රීලංකාවට ගෙන්වාගෙන ඇත.    
 

Comments