ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරමු | සිළුමිණ

ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරමු

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කරමින් ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස මෙවර තෛපොංගල් උත්සවය සැලකිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් තෛපොංගල් දිනය වෙනුවෙන් ශුභාශිංසනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. කෘෂිකර්මාන්තයේ නවීකරණය කෙරෙහි රජය පුළුල් අවධානයක් යොමු කර තිබෙන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරිත්වයට ගැළපෙන, තාක්ෂණය මත පදනම් වූ ඵලදායී තිරසාර සහ ලාබදායි කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපේක්ෂාව බවද ජනාධිපති වික්‍රමසිංහයන්ගේ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Comments