
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි ගෙවීමට නියම කළ 5 දෙනා ඉදිරි හය මාසය ඇතළත එම වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් අධිකරණයට අපහාස කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් ගොනු කළ කළ හැකි බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සිළුමිණට කීය.
එසේ මෝසමක් ගොනු කළ අවස්ථාවේදී අදාළ වන්දි මුදල් ගෙවීමට තවත් යම් සාධාරණ කාලයක් ඉල්ලා සිටිය හැකි බවත් එසේ නොවන්නේ නම් අධිකරණයට අපහාස කිරීමට දඬුවම් නොකිරීමට ඔවුන් හේතු දැක්විය යුතු බවද සිල්වා මහතා කීවේය.
එහිදී අධිකරණයට අපහාස වන ලෙස අදාළ පුද්ගලයන් කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට හෝ ඔවුන්ට සිර දඬුවම් නියම කිරීමට හෝ අධිකරණයට බලය ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රහාරය වළක්වා නොගනිමින් අදාළ පුද්ගලයන් කටයුතු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති හෙයින් ඊට එරෙහිව ඇපෑලක් ගොනු කිරීම ප්‍රායෝගික නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.