
මැතිවරණ රාජකාරීන්හි යෙදවීම වෙනුවෙන් හා අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බව පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ. පොලිස් නිලධාරීන් 68,000 ක් සිටිය යුතු නමුත් සිටින්නේ නිලධාරීන් 60,000 ක් පමණි.
දැනටමත් සමාජ මාධ්‍යයේ ‘ඡන්දය ඉල්ලාගෙන නිවෙස් වෙත පැමිණෙන අය ගැන බලාගන්නම්‘ යැයි ප්‍රකාශ හුවමාරු වන බැවින් යම් හෙයකින් අපේක්ෂකයෙකුට පහර දීමක් වුවහොත් එවැනි පිරිස් වෙත ආරක්ෂාව සැපයීමට සිදුවන බැවින් මෙහිදී ගැටලු මතුව ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ. ඉකුත් මැතිවරණයේ පොලිසිය සිදු කළ මැතිවරණ රාජකාරි වෙනුවෙන් රුපියල් බිලියනක මුදලක් වැය වුවත් එම මුදල තවමත් පොලිසියට ලැබී නැතැයි පවසා ඇති පොලිස්පතිවරයා මෙවර බිලියන 3 ක් මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය වනු ඇතැයි පෙන්වා දී තිබේ.