
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රම අධ්‍යාපනවේදී ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද දෙවන මහා සභා රැස්වීම 2023 ජනවාරි මස 07 වන (සෙනසුරාදා) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ වර්තමාන මානව සම්පත් අභිවර්ධන ආයතනය (IHRA), එනම් එවක සේවක අධ්‍යාපන ආයතනය (IWE) නමින් පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය විශාඛා කුමාරි ජයවර්ධනට උපහාර පිරිනැමීමක් සිදු විය. මෙහි දී ඇයගෙන් සිදු වූ සමාජ, දේශපාලන සහ ශ්‍රාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් කෘතගුණ දැක්වීමක් වශයෙන් ”මහාචාර්ය විශාඛා කුමාරි ජයවර්ධන රන් කුසලතා සම්මානය”, පසුගිය වසරවල ශ්‍රම අධ්‍යාපනවේදී උපාධිය නිම කළ ප්‍රථම සාමාර්ථය ලබා ගත් විද්‍යාර්ථීන් අගයමින් ඔවුන් වෙත පිරිනමන ලදි.
මෙහිදී මහාචාර්ය කුමාරි ජයවර්ධනයන්ගේ සමාජ, දේශපාලන සහ ශ්‍රාස්ත්‍රීය මෙහෙවර පිළිබඳ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක විසින් සිදු කරන ලදි. මීට සමගාමිව සංගමයේ සාමාජිකත්වය ලබාගත් ආදි විද්‍යාර්ථීන් සඳහා හැඳුනුම්පත් ප්‍රදානය ද සිදු කරන ලදි.
මෙම අවස්ථාවට ශ්‍රම අධ්‍යාපනවේදී ආදි විද්‍යාර්ථන්ගේ සංගමයේ සභාපති නාරද අල්විස්, ලේකම් ජිනක ජයසිංහ භාණ්ඩාගාරික එල්. ඩී. චන්ද්‍රලාල්, සංවිධායක චානක කුමානායක ඇතුළු ආදි විද්‍යාර්ථීන් රැසක් සහභාගි විය.