නැප්තා එයි කැලණිතිස්ස දුවයි | සිළුමිණ

නැප්තා එයි කැලණිතිස්ස දුවයි

කැලණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන පසුගිය සිකුරාදා වන විට ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය.

ඒ අනුව නැප්තා මෙට්‍රික් ටොන් 770ක් බලාගාරය වෙත ලැබී තිබෙන බව එම ප්‍රකාශකයා කීවේය. නැප්තා ඉන්ධන නොමැතිවීම නිසා බලාගාරයේ කටයුතු සතිය මැද වන විට අකර්මණ්‍ය වී තිබුණි. කැළණිතිස්ස විදුලිබලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක විදුලියක් ජනනය කෙරෙන අතර නැප්තා ලැබීමත් සමඟ එය සම්පූර්ණයන්ම යථා තත්ත්වයට පත්ව තිබේ.

Comments