
අන්තර්ජාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 386 දෙනකු පසුගිය වසර දෙකේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට හැකිවී තිබේ.
සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන සිදු කරන වංචනික ක්‍රියා ඇතුළු අපරාධවලට සම්බන්ධ වූවන්ද මෙසේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර වේ.
පරිගණක සහ අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් පසුගිය දෙවසර ඇතුළතදී පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දෙදහසකට වැඩිය.