
ශ්‍රී ලංකාවේ ආර්ථික නැවත ගොඩ නැංවීම සදහා රජය ගෙන යන වැඩ පිළිවෙල සදහා තම රටෙහි සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing මහත්මිය පැවසුවාය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි අතර හමුවක් අද (13) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.
දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා ගැනීම පිළිබදව අවධානය යොමු විය.
මෙරට පැවති යුදමය තත්වයෙන් පසුව රජය විසින් ජාතීන් අතර සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා සිදු කළ කාර්යයන් පිළිබදව අධිකරණ අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරිය දැනුවත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථික නැවත ගොඩ නැංවීම සදහා රජය ගෙන යන වැඩ පිළිවෙල සදහා තම රටෙහි සහාය ලබා දෙන බවත්, දෙරට අතර දේශපාලනික හා සංස්කෘතික වශයෙන් පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත් මහ කොමසාරිස්වරිය එහිදී පැවසුවාය.