
ශ්‍රී ලංකාව විසින් බංගලාදේශයට ගෙවීමට ඇති ඩොලර් මිලියන 200 ක ණය ගෙවීමට තවත් මාස හයක කාලයක් ඉදිරියට ලබා දී තිබෙයි.
ඒ දිගුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව විසින් සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.
ශ්‍රී ලංකාව විසින් 2021 මැයි මාසයේදී බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ණයට ගැනීම සිදුවිය.
2023 අප්‍රේල් මාසය වන විට එම ණය ගෙවා නිම කිරීමට නියමිතව තිබුණත් නව කාලසීමාවට අනුව, මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට එම ණය ගෙවීමට සිදුවනු ඇත.