
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ ජුලි 13වැනිදා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශනයන් නවතා අනර්ථය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් ඊයේ (10) සවස් කාලයේ දී කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ 44 හැවිරිදි පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.