ශ්‍රී ලංකාවේ මැණික් සමාගමක් අල්කයිඩා ජාලයට ආධාර කළ බවට තොරතුරු | Page 5 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ මැණික් සමාගමක් අල්කයිඩා ජාලයට ආධාර කළ බවට තොරතුරු

 
ශ්‍රී ලංකාවේ මැණික් සමාගමක් අල්කයිඩා ආධාරක ජාලයට මුදල් සපයා ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. 
 
අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ අහමඩ් ලුක්මාන් තලීබ් 2021 වසරේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ආදායම් වර්ධනය කිරීම සදහා ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් අදාළ මැණික් සමාගම උපකාර කර ඇති බවට හෙළිව තිබේ.
 
තාලිබ් සහ අදාළ මැණික් සමාගම එක්ව ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති අතර 2020 වසරේදී අමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඒවාට සම්බාධක පනවා තිබුණි. දැනට හෙළිවී ඇති කරුනු අනුව තලීබ්ගේ ආදායම් වර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගත් මෙම මැණික් ව්‍යාපාරය විශාල මෙහෙයක් සිදුකර ඇති බවද සදහන්වේ. 
 
ශ්‍රී ලංකාවේ නිර්තදිග වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා ඇති මෙම මැණික් ව්‍යාපාරය තාලිබ් ගේ ඥාතියෙකු වන මොහොමඩ් හාරිස් නිසාර් සමග කොටස් හුවමාරු කර ගනිමින් ව්‍යාපාරවල නිරතව තිබේ.
 
තලිබ්ගේ සහ නිසාර්ගේ ව්‍යාපාරික ගනුදෙනු 2018 වසරේ සිට වසරකට ඩොලර් 200,000කට ආසන්න ලාභයක් උපයා ඇත.
 
තලිබ්ගේ අල්-කයිඩා පහසුකම් ජාලයේ ජාත්‍යන්තර මාවත දකුණු අමෙරිකාව දක්වා විහිදෙන බවට ද තොරතුරු සදහන් වේ. 
 
(මූලාශ්‍ර : KHARON )

Comments