
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ FACETS Sri Lanka Premier Edition මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ(07) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණු අවස්ථාවේදී ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා ගෝලීය කෝවිඩ් වසංගත තත්වයෙන් හා ඊට පසු රටේ ඇතිවූ දුෂ්කර කාලවකවානුවේදීත් කර්මාන්තයක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආරක්ෂා කරගත් සැමට ප්‍රථමයෙන් ස්තුති කළේය. එමෙන්ම ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා අපේ රට නැවතත් සූදානම් හා විවෘත බවට ලෝකයා වෙත කියාපෑමට වසර තුනක නිහැඩියාවකින් පසු තිස්වෙනි වරටත් මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ට ස්තුති පළකිරීමද අමාත්‍යවරයා සිදුකළේය.
එම උත්සව අවස්ථාවේදී රජයේ ඉදිරි සැලසුම් පිළිබඳවද සදහන් කරමින් අමාත්‍යවරයා 2023 වසරේ මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඩොලර් බිලියන 1 ක අපනයන ආදායම් ඉලක්කයක් කරා ගෙනයන බවත් ,ඒ සදහා කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සියලු තාක්‍ෂණ භාවිතාවන් මෙන්ම අගය එකතු කිරීමේ ක්‍රමවේදයන් වඩා ඵලදායි හා කාර්යක්ෂම කරන බවත් ඒ සදහා අවශ්‍ය පහසුකම් රජය පාර්ශ්වයෙන් සපයන බවත් සදහන් කළේය.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව මෙම FACETS Sri Lanka ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) යනු නිෂ්පාදන, තොග සහ සිල්ලර වෙළඳාම හරහා පතල් කැණීමේ සිට සියලුම කර්මාන්ත උප අංශවල අවශ්‍යතා නියෝජනය කරන ඉහළම පෞද්ගලික අංශයේ සංවිධානය වෙයි.
මෙම FACETS Sri Lanka Premier Edition ප්‍රදර්ශනයට මූලිකව රටවල් 20ක ගැනුම් කරුවන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගිවීම සිදුවන අතර එයට අමතරව දෙස් විදෙස් තවත් ගැනුම් කරුවන් විශාල ප්‍රමාණයක් සහභාගි වීමද සිදුවෙයි. වසර 2500 ක් පුරා පැතිරී ගිය අපගේ මැණික් කර්මාන්ත ඉතිහාසය තුළ ලෝකය තුළ නිල් මැණික් ප්‍රමුඛ අනෙකුත් මැණික් වෙනුවෙන් අත්කොට ගෙන ඇති කීර්තිය සමඟින් හොද අපනයන වෙළෙඳ වේදිකාවක් මෙම ප්‍රදර්ශනය හරහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට නිර්මාණය වෙයි.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි , හිටපු අමාත්‍ය පා.මන්ත්‍රී වජිර අබේවර්ධන , විදෙස් තානාපතිවරුන් , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති , අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිළධාරින් , SLGJA හි සභාපති අජ්වර්ඩ් ඩීන්, FACETS Sri Lanka හි සභාපති අල්තාෆ් ඉක්බාල් ඇතුළු දෙස්විදෙස් සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.