
පසුගිය 2022 වසරේ සංචාරකයන්ගෙන් උපයාගත් ආදායම රුපියල් බිලියන 425ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.13ක්) බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය 2021 වසරට වඩා 124.2% ක වැඩිවීමක් බවද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 719,978ක් වන අතර පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් 91, 961ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
එමෙන්ම පසුගිය වසරේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් රුපියල් බිලියන 1250ක් (ඇමරිකන් ඩොලර් 3.31ක්) ප්‍රේෂණ ලෙස මෙරටට ලැබී ඇතැයිද මහ බැංකු වාර්තා පවසයි. එයද 2021 වසරට වඩා 35.9ක වැඩිවීමක් බවද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.