දුම්රිය මගීන් 25%ක්ම යන්නේ හොරෙන් | සිළුමිණ

දුම්රිය මගීන් 25%ක්ම යන්නේ හොරෙන්

දුම්රිය මඟීන්ගෙන් 25%ක්ම ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් ගන්නා බව අනාවරණය වී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ඒ.ඩී.ජී. සෙනෙවිරත්න සිළුමිණට කීය.

එමෙන්ම දුර බැහැර සිට පැමිණෙන ඇතැම් මගීන් කොළඹට ආසන්න දුම්රිය ස්ථානවලින් වාර ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා බව හෙළිව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. මේ තත්ත්වය දුම්රියට මෙන්ම රජයටද විශාල ගැටලුවක් බවත් පෙන්වා දුන් ඒ මහතා

මෙවන් තත්ත්වයක් තුළ සේවාව පවත්වාගෙන යාම විශාල ගැටලුවක් වී ඇතැයි පැවසුවේය. බොහෝ ගමනාන්තයන්ට බස් රථයේ මුදලෙන් අඩක් පමණ අය කළත් මඟීන් මෙසේ ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කිරීම තුළින් දෙපාර්තමේන්තුවට පමණක් නොව එය මඟීන්ටද දීර්ඝකාලීනව විශාල හානියක් බව ඔහු කීවේය. කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කරනු ලබන මඟීන් හා 3 වෙනි පංතියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන 2 පංතියේ ගමන් කරනු ලබන මඟීන් නීතියේ රැහැනට හසු කර ගැනීමට විධිමත් වැඩ පිළිවෙළක් මේ වන වට සකස් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Comments