ඌව පළාත් සභාපති ඉහගෙන කාලා | සිළුමිණ

ඌව පළාත් සභාපති ඉහගෙන කාලා

ඌව පළාත් සභාවේ නිල කාලය අවසන්වීමෙන් පසු පළාත් සභාවේ සභාපති ධුරය නාමික තනතුරක් බවට පත්ව තිබියදී සභාපතිවරයාට මාසික ප්‍රවාහන දීමනාවක් ලෙස වසර දෙකකට වැඩි කාලයක් වෙනුවෙන් රුපියල් මිලියන 16.3ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම සභාපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරින් 11 දෙනෙකු වෙනුවෙන් පළාත් සභාවට කිසිදු සේවයක් ලබා ගැනීමෙන් තොරව වැටුප් හා දීමනා වශයෙන් රුපියල් මිලියන 18.20ක මුදලක් ගෙවා තිබුණි.

ඔවුන්ගේ පැමිණිම හා පිටවිම සටහන් කිරිම සදහා ලේඛනයක් හෝ නඩත්තු කර නොතිබුණි.

2019 වර්ෂයේ ඔක්තෝබර් මස 08 වැනි දින සිට මෙම ගෙවිම සිදුකොට ඇති අතර පළාත් සභාව සතුව වාහන තිබියදි සභාපතිවරයාට සුදුසු වාහනයක් ලබාදී වියදම අවම කිරීම වෙනුවට මාසික ප්‍රවාහන දීමනාවක් ගෙවීමට කටයුතු කර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. කෙසේවුවද සභාපතිවරයා එකි කාලය තුළ පළාත් සභාව වෙත පැමිණීම හෝ ඔහු විසින් සිදුකරණු ලැබු රාජකාරි කටයුත්තක්ද නිරීක්ෂණය නොවු බව විගණන වාර්තාවේ සදහන් වේ.

Comments