
අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය අද (5) සිට අත්හිටුවනු ලබන බව සඳහන් වෙයි.
මෙලෙස දුම්රිය අත්හිටුවීම සිදු කරන්නේ මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ පළමු මුලික අදියර ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.
මේ අනුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා දිනකට ක්‍රියාත්මක වන දුම්රිය ගමන් වාර හතර අවලංගු වෙයි
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 කට අධික මුදලක් වියදම් කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි