පොලිස් ලොකු පුටුවල වෙනසක් | සිළුමිණ

පොලිස් ලොකු පුටුවල වෙනසක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා තනතුරේ සේවය කළ ඩී.ජී.එන්. ජයවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස ස්ථාන මාරු කර තිබේ.
 
මේ අතර, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.එස්.ප්‍රියන්ත මහතා එම තනතුරේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස් ස්ථාන මාරු වීම් සිදුකර ඇත.
 
මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.  
 
පොලිස් අධිකාරීවරුන් 13 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ රාජකාරී ඉටුකිරීම සඳහාත්, පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු ස්ථාන මාරු කිරීම සිදුකර තිබේ. 
 
මීට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් 19 දෙනෙකු හා කාන්තා සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර ඇත. 

Comments