
පෙර වර්ෂයන්ට වඩා 2023 වසර තුළ බහලූ මෙහෙයුම් ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීම අපේක්ෂාව බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා පවසයි.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2023 වසර සඳහා රාජකාරි අරඹමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ද 2023 වසර සඳහා ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් රාජකාරි ආරම්භ කරන ලදී. වරාය ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී ඊයේ(02) පැවැති ප‍්‍රධාන උත්සවය සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවේ අදහස් ප‍්‍රකාශ කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රගමනය වෙනුවෙන් ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක් ම තමන් ගන්නා බවත්, සෑම විට ම කාර්මික සාමය ආරක්‍ෂා කරන බවත් ය. එමෙන් ම වරායේ සංවර්ධන අපේක්‍ෂාවන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා සෑම දෙනාගේ ම ධනාත්මක කැපවීම තමන් අපේක්‍ෂා කරන බවත් ය.
මෙම අවස්ථාවේ සිය අදහස් ප‍්‍රකාශ කරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා ප‍්‍රකාශ කර සිටියේ, මම කියන්න කැමතියි පසුගිය වසරේදීත් වරාය අධිකාරිය වශයෙන් අප ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. එම ලැබූ ලාභය වරාය අධිකාරියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ ඔබ සියළු දෙනාගේ ම බලාපොරොත්තුව වන නැගෙනහිර බහළු පර්යන්තය එසේත් නැතිනම් JCT පර්යන්තයේ සංවර්ධන වැඩ කටයුතු සඳහා අපි ආයෝජනය කර තිබෙන බව මා මොහොතේ දී පවසන්නේ මහත් ආඩම්බරයෙන්.
නමුත් මේ මොහොතේ අපි සියළු දෙනා අදිටන් කරගත යුත්තේ පෙර වර්ෂයන්ට වඩා 2023 වසර තුළ බහලූ මෙහෙයුම් ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා දැනටමත් අපි විවිධ ක‍්‍රමෝපායන්, සැලැසුම් සකස් කරමින් සිටිනවා. එක් සැලසුමක් ලෙස 2023 වසර අවසන් වීමට පෙර ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර 04ක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
මේ සියළු දෙයින්ම මා බලාපොරොත්තු වන්නේ වරාය අධිකාරිය ජාත්‍යන්තර තලයේ ඉහළට ම ඔසවා තැබීමට අවශ්‍ය ගුණාත්මක සේවාවක්, ඵලදායී හා කාර්යක්‍ෂම ලෙස ලබා ගැනීමයි.