
පාසල් වල 02 වන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ දී දැනට පවතින චක්‍රලේඛ විධිවිධාන විධිමත් කරමින් අතරමැඳි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට අදාළ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි
මෙම නව ක්‍රමවේදය යටතට 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අදාළ නොවන බව ද වාර්තා වෙයි
සත්‍ය වශයෙන්ම අවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සමප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.
දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40 ක් සහ 6 -11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45 ක් වශයෙන් පවතින ක්‍රමවේදය නොවෙනස්ව පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි