
2022 මෙරට සුවිශේෂී මතක
ජනවාරි
කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති වන එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස් ) අද (18) අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේය.
පෙබරවාරි
74 වැනි නිදහස් උලෙළ.
මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී (26) ආරම්භ වීම.
මාර්තු
නැදුන්ගමුවේ රාජා හස්තියා අවුරුදු 69ක් ආයු වළඳා මාර්තු 7 දා අලුයම 5.30 මිය යෑම.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා න්‍යුලන්ඩ් ඇතුළු ජ්‍යේෂ්ඨ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු තිදෙනෙක් (22) රාත්‍රියේ දිවයිනට පැමිණිහ.
ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකයත්, ජනතාවත් ගොඩනැගීමට රටවල් අතර සහයෝගීතාව අවශ්‍යයි යැයි බිම්ස්ටෙක් සමුළුවේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ (28) පවසයි'
මාර්තු මාසයේ 31 වැනිදා රාත්‍රියේ මිරිහානේ පිහිටි ජනපති ගෝඨාභය රාජපක්ෂට අයත් පෞද්ගලික නිවෙසට පහර දී අලාබ හානි කිරීම.
අප්‍රේල්
අප්‍රේල් 9 තරුණ අරගලය ගාලු මුවදොර පිටියේ දී ආරම්භ වීම.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 29 දා පැවසීම.
මැයි
ස්කොට්ලන්ත වෘත්තීය පාපන්දු සංගම් සම්මාන උලෙළේදී 2022 වසරේ තරුණ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය හා සෙල්ටික් පාපන්දු සමාජයේ 2022 වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගැනීමට 20 හැවිරිදි ජසින්තා ගලබඩආරච්චි 2 වැනිදා සමත්වූවාය.
රට පුරා මැයි 6 වන සිකුරාදා ක්‍රියාත්මක කරන ලද හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් සමස්ත දිවයිනේම ජන දිවිය අඩපණ වීම. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙය වූ විරෝධතා නිසා පාර්ලිමේන්තුව අවට ඉතා උණුසුම් තත්ත්වයක් මතු වීම.
9 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම.
අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම නිසා ඇතිවූ කලබල හේතුවෙන් නිට්ටඹුවේදී පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැයි 9 වැනිදා ඝාතනයට ලක් වීම.
මැයි 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කගේ පමණ ගෙවල්, කාර්යාල කලහකාරීන් විසින් ගිනි තැබීම.
රනිල් වික්‍රමසිංහයන් මැයි 12 දා අගමැති ධුරයට පත් වෙයි.
ජුනි
2022-03-31 සහ 2022-05-15 යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් (01) පත් කිරීම.
රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යෑම වළක්වාලමින් නිකුත් කළ වාරණය කොළඹ වාණිජ මහාධිකරණය අද (06) අත්හිටුවනු ලැබුවේය.
ජුනි 9 දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීම.
ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියෙකු අමෙරිකාවේ මෑන්හැටන් හි දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ (22) ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරනු ලැබීම.
ජුලි
මීටර් 100 ඉසව්වෙන් ආසියානු ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජුලි 3 දා සමත් වීම. ඒ, ස්විට්සර්ලන්තයේ පැවති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එකී ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමිනි.
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගමන් ගත් කැබ් රථයක් (3) අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී වන අලියකු හා ගැටීමෙන් ජැක්සන් ඇන්තනී සහ තවත් දෙදෙනෙක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීම.
විරෝධතාකරුවන් 09 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන්ගේ කොළඹ 07 පිහිටි පෞද්ගලික නිවෙස ගිනි තැබීම.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන බව නිල වශයෙන් දැනුම් දී ඇතැයි අගමැති මාධ්‍ය කාර්යාලය 13 වැනිදා ප්‍රකාශ කිරීම.
2022 ජුලි 15 දා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් දිවුරුම් දීම.
2022 වසරට අදාළව ලෝක ප්‍රකට ටයිම් සඟරාව විසින් ප්‍රකාශයට පත් කළ හොඳම ඡායාරූප 100 අතරට ජූලි 15 වැනිදා අභිෂේක් සින්නප්පා විසින් ලබා ගත් ඡායාරූපයක් ද එක්වීම.
2022 ජුලි 20 දා මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් තෝරා පත් කර ගැනීම.
ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන ජූලි 22 දා පෙරවරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉදිරියේ අගමැති තනතුරේ දිවුරුම් දීම.
අගෝස්තු
1 වැනිදා QR ක්‍රමයට පමණක් ඉන්ධන නිකුත් කිරීම ක්‍රියාත්මක වෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් 3 වැනිදා ලෝකඩ පදක්කම දිනා ගැනීම.
අගෝස්තු 5 සිකුරාදා පස්වරු 5.00ට පෙර ගාලු මුවදොර භූමියෙන් ඉවත් වෙන ලෙස පොලිසිය මඟින් නියෝගයක් නිකුත් කිරීම.
පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උලෙළේ දී 3 වැනිදා රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වීම.
එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා සහභාගි වූ සාමාජිකයන් එකසිය හැට එක්දෙනකු අතරින් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමෙන් 11 දෙනෙකු 8 වැනිදා අතුරුදන්වීම.
අරගලකරුවන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි ගාලුමුවදොර පිටිය දින 123කට පසු ඔවුන්ගෙන් යළි සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීමට 10 වැනිදා හැකිවිය.
චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව 16 වැනිදා හම්බන්තොට වරායට පැමිණීම.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ 2022 වසර සඳහා වන අතුරු අය වැය කතාව ඉදිරිපත් කිරීම.
සැප්තැම්බර්
ජනතා විරෝධය හමුවේ මෙරටින් නික්ම ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට සැප්තැම්බර් 02 වැනිදා රාත්‍රී 11.47ට දිවයිනට පැමිණීම.
විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේ දී පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව 11 වැනිදා විශිෂ්ට ජයක් අත් කර ගැනීම.
සිංගප්පූරුව පරාජය කරමින් ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් කිරුළ දිනා ගැනීමට 11 වැනිදා සමත් විය.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු, සැප්තැම්බර් 12 දා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට එරෙහි බාහිර මැදිහත්වීම්වලට විවෘතව විරෝධය පළ කරමින් අදහස් දැක්වීම.
ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වැනිදා ඇරඹීම.
ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් 23වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සැප්තැම්බර් 16 සිකුරාදා ආරම්භ වීම.
රුසියාවේ පැවති 18 වැනි කසාන් (Kazan) අන්තර් ජාතික සිනමා උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානයThe Newspaper චිත්‍රපටයේ රඟපෑ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරට හිමි වීම 11 වැනිදා සිදුවිය.
වසර 96ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු 19 වෙනි සඳුදා රාජකීය උත්තමාචාර මැද සිදු කෙරුණු අතර, මහ රැජිනට ගෞරවයක් වශයෙන් 19 සඳුදා ශ්‍රී ලංකාවේද ජාතික ශෝක දිනයක් රජය මඟින් ප්‍රකාශයට පත් කිරීම.
ඔක්තෝබර්
ශ්‍රී ලංකාවේ පැවති වර්ගවාදී අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද "The Seven Moons of Maali Almeida" නැමැති කෘතියට 2022 වසර සඳහා වන "බුකර්" සම්මානය 18 වැනිදා හිමි විය.
65 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් (28) සිකුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීම.
නොවැම්බර්
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් (David Malpass) අතර හමුවක් 10 වැනිදා COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්වීම.
ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 10 වැනිදා සමත් විය.
2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මුදල් අමාත්‍යවරයා ලෙස නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
දෙසැම්බර්
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයන් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී දෙසැම්බර් 03වැනිදා පස්වරුවේ පැවැත්විණි.
නවදිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් දෙසැම්බර් 8 වැනිදා ලංකාවට බලපෑම් එල්ලවීම.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වීම.
ඔබ්සර්වර් - එස්එල්ටී මොබිටෙල් 2022 වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ සහ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විශ්මි ගුණරත්න 15 වැනිදා සම්මාන දිනා ගත්හ.
දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය දෙසැම්බර් 15 වෙනිදා සිදු වීම.
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි සියලුම නඩුවලින් ඇප ලබා බන්ධනාගාරයෙන් නිදහස් වීම 27 දින සිදුවිය.
2022 විදෙස් මතක සටහන්
ජනවාරි
ජනවාරි 04 - ඉන්දුනීසියාවට ඇදහැලුණු මහා වැසි හේතුවෙන් ඇතිවූ දැවැන්ත ගංවතුර තත්ත්වය මත විශාල දේපළ හානි වාර්තා විය. ගංවතුර හේතුවෙන් 9දෙනෙකු මියගොස් 30,000කට වඩා අවතැන් වූ බවද සඳහන්ය.
ජනවාරි 5 - උතුරු කොරියාව ජපන් මුහුදු සීමාවේදී තවත් මිසයිල කිහිපයක් අත්හදා බලයි.
ජනවාරි 14 - ටොංගා දූපත් හි ටොංගා හුංගා - හප් - පායි ගිනිකන්ද පුපුරා යෑමෙන් ෆැසිපික් සාගරය පුරා සුනාමි තත්ත්වයක් උද්ගත විය. එම ප්‍රබල පිපිරීමෙන් සුනාමි රළ පීරූ සහ අමෙරිකා එක්සත් ජනපදය දක්වා ගමන් කළ බව ප්‍රකාශිතය.
ජනවාරි 17 - තමන් විසින් ගැඹුරු මුහුදු පත්ලේ වර්ධනය වන නව කොරල් විශේෂයක් සොයා ගත් බව ස්කොට්ලන්ත විද්‍යාඥයන් පිරිසක් විසින් දැනුම් දී තිබේ.
ජනවාරි 26 - යුක්රේන ආක්‍රමණ සූදානම සම්බන්ධව අෙමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් රුසියානු නායක ව්ලැඩිමිර් පුටින්ට දෝෂාරෝපණය කරයි. යම් හෙයකින් ඉදිරි මාසය තුළ ආක්‍රමණයක් සිදු වුවහොත් යුක්රේනයට සහාය පළ කරන බව ද බයිඩ්න් පවසයි.
පෙබරවාරි
පෙබරවාරි 9 - ක්‍රෝම් සෙවුම් යන්ත්‍රය භාවිත කරන පාරිභෝගිකයන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති පෞද්ගලික ආරක්ෂක යෙදුම් ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන පාරිභෝගිකයන් වෙනුවෙන්ද යොදවන බව ගූගල් සමාගම පවසයි.
පෙබරවාරි 16 - ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මුහුදු වෙරළ ආසන්නයේ පිහිනමින් සිටි පුද්ගලයකු මෝර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව තහවුරු විය.
පෙබරවාරි 20 - බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.
පෙබරවාරි 24 - රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරිම අරඹයි.
පෙබරවාරි 28 - අතිදරුණු ලෙස වර්ගීකරණය කරනු ලැබූ සුළි කුණාටුවක් මැඩගස්කරයට කඩා වැදීමෙන් ජීවිත සහ දේපළ හානි රැසක් වාර්තා වේ.
මාර්තු
මාර්තු 2 - යුක්රේන ජනාධිපත් ව්ලෝදිමියර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණ හමුවේ තමාට උපකාර කරන ලෙස අමෙරිකාව සහ යුරෝපා රටවලින් ඉල්ලයි. එහෙත් එයට ලැබෙන ප්‍රතිචාර අවම වේ.
මාර්තු 4 - රුසියානු හමුදා වාහන රාශියක් යුක්රේනයට ඇතුළු වේ. මිලියනයකට අධික යුක්රේන වැසියන් අසල්වැසි රටවලට පලා යමින් සිටින බව වාර්තා වේ.
මාර්තු 10 - රුසියානු හමුදා යුක්රේනයේ කිව් අගනුවර ආක්‍රමණයට ආසන්න බව වාර්තා වේ.
මාර්තු 24 - අෙමරිකාව ඇතුළු තවත් බටහිර රාජ්‍යයන් රැසක් රුසියාවට දැවැන්ත සම්බාධක පනවයි.
මාර්තු 26 - ඔස්කාර් සම්මාන ප්‍රදානයේදී කිසියම් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව එහි සංවිධායක මඩුල්ල පවසයි. ඒ අනුව ඉදිරියේදී සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට වෙනුවෙන් ට්විටර් හරහා තම ඡන්දය භාවිත කිරීමට ජනතාවට ද අවකාශ හිමි වනු ඇත.
අප්‍රේල්
අප්‍රේල් 11 - බ්‍රසීලයේ ඇමසන් වනය ඉතිහාසයේ දරුණුතම වන විනාශයට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
අප්‍රේල් 11 - ප්‍රංශයේ ඉදිරි මැතිවරණයෙන් වර්තමාන ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ජයගනු ඇති බවට අනාවැකි පැවසේ.
අප්‍රේල් 11 - මැගී සුළි කුණාටුව පිලිපීනය වනසයි.
අප්‍රේල් 18 - යළිත් කොවිඩ් වයිරස පැතිර යන බවට ලැබුණු වාර්තා අනුව වසා දමනු ලැබූ චීනයේ ෂැංහයි නගරයෙන් පළමු කොවිඩ් මරණය වාර්තා වේ.
අප්‍රේල් 26 - පෝලන්තය සහ බල්ගේරියාව වෙත ලබා දෙන ගෑස් සැපයුම නතර කර දමන බවට රුසියාව අනතුරු අඟවයි.
මැයි
මැයි 2 - අෙමරිකාවේ නිව් මෙක්සිකෝහි ළැව් ගිනි පාලනය කර ගැනීමට නොහැකි අන්දමින් පැතිරී යයි.
මැයි 15 - ඊශ්‍රායෙල්හි සරණාගත කඳවුරකදී මරා දැමුණු අල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තම කනගාටුව පළ කරයි.
මැයි 19 - තම ආණ්ඩුව යටතේ කාන්තාවන්ට බොහෝ අයිතිවාසිකම් ලබා දෙන බව තලේබාන් පාලකයන් පවසයි. එහෙත් මෙහිදී ඔවුන් පවසා තිබුණේ ‘ඇතැම්‘ කාන්තාවන්ට ‘බොහෝ‘ අයිතිවාසිකම් ලබා දෙන බවයි.
මැයි 19 - වසර 30කට පසු මොසැම්බික් රාජ්‍යයන් පෝලියෝ රෝගියකු වාර්තා වේ.
මැයි 22 - ප්‍රථම වරට උතුරු කොරියාව කොවිඩ් රෝගීන් වාර්තා කරයි.
ජූනි
ජූනි 1 බ්‍රසීලය හරහා හමාගිය සුළි කුණාටුවක් හේතුවෙන් 100කට අධික පිරිසක් මිය යයි.
ජූනි 2 - බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින ඔටුනු පැලඳීමේ 70වැනි වසර සමරයි.
ජූනි 5 - ඩොන්බාස්ක් ප්‍රදේශය සාර්ථකව අත්පත්කර ගැනීමට රුසියානු හමුදා සමත් වුවද යුක්රේන අගනුවර තවමත් අත්පත් කර ගැනීමට නොහැකි වී තිබේ. යුක්රේනයේ කිව් අගනුවරින් විශාල පිපිරුම් මාලාවක් වාර්තා වේ.
ජූනි 12 - අෙමරිකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා
මේ වන විට ඉතාම අයහපත් අඩියක පවතින බවත්, එය වර්ධනය කර ගැනීම හෝ නොගැනීම අෙමරිකාව තීරණය කළ යුතුව ඇති බවත් චීනයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පවසයි.
ජූනි 15 - ආසන්න මුහුදු කලාපයේ චීන හමුදා අභ්‍යාස පැවැත්වීමත් සමඟ තායිවානයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වේ.
ජූනි 22 - ඇෆ්ගනිස්තානයේ භූමි කම්පාවකින් පුද්ගලයන් 1000කට අධික සංඛ්‍යාවක් මිය යයි.
ජූලි
ජූලි 07 - බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස් වේ. එයට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ රටේ ආර්ථික අස්ථාවර භාවයක් උද්ගත වීම සහ තම ඇමැති මණ්ඩලයේ කිහිප දෙනෙක්ද ඉල්ලා අස්වීමයි.
ජූලි 8 - ජපානයේ හිටපු අගමැතිවරයකු වූ ෂින්සො අබේ කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කෙරේ.
ජූලි 9 - සහකරුවකු ලෙස මිස සතුරකු ලෙස කටයුතු නොකරන්නැයි චීන විදේශ අමාත්‍ය වන්ග් යී ඔස්ට්‍රේලියාවට පවසයි.
ජූලි 18 - ප්‍රථම වරට එබෝලා වයිරසය හා සමාන තවත් වයිරසයක් ඝානාවෙන් වාර්තා වේ.
ජූලි 24 - චීනය අභ්‍යවකාශගත කිරීමට නියමිතව ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෙවැනි කොටස අභ්‍යවකාශය වෙත යැවීමට එරට බලධාරින් කටයුතු කරයි.
අගෝස්තු
අගෝස්තු 2 - අෙමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 37ක් මියයයි. දහස් ගණනක් අවතැන්.
අගෝස්තු 6 - ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙක් මිය යයි.
අගෝස්තු 10 - කියුබානු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ළැව් ගින්න ගිනි නිවන හමුදා භටයන් විසින් දින පහක ප්‍රයත්නයක් දැරීමෙන් පසු පාලනය කිරීමට සමත් වීම.
අගෝස්තු 15 - ඊජිප්තුවේ පල්ලියක් තුළ සිදුවූ විදුලි කාන්දුවකින් පුද්ගලයන් 41ක් මියයයි.
අගෝස්තු 30 - රුසියාවේ අවසන් සෝවියට් නායකයා ලෙස හැඳින්වෙන මිහායීල් ගොර්බචොව් මියයයි. මියයන විට ඔහු 91හැවිරිදි වියේ පසු විය.
සැප්තැම්බර්
සැප්තැම්බර් 4 - යුක්රේනයේ අගමැතිවරයා ජර්මනියෙන් තවත් ආවි ආයුධ ඉල්ලයි.
සැප්තැම්බර් 6 - ජොන්සන් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු කොන්සවටිව් පක්ෂයේ ලීස් ට්‍රස් අභිනව බ්‍රිතාත්‍ය අගමැති ලෙස පත් වේ.
සැප්තැම්බර් 8 - බ්‍රිතාන්‍යයේ වැඩිම කලක් කිරුළ හෙබවූ රාජකීයයා බවට පත්ව සිටි දෙවැනි එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වේ. මියයන විට ඇය 96වැනි වියේ පසුවිය.
සැප්තැම්බර් 10 - බ්‍රිතාන්‍යයේ මීළඟ රජු ලෙස චාල්ස් කුමරු නම් කෙරේ.
සැප්තැම්බර් 20 - මියන්මාරයේ පාසලක් තුළ එරට හමුදා විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් සිසුහු 6දෙනකු මියයති.
සැප්තැම්බර් 27 - සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට අගමැතිවරයා ලෙස නම් කෙරේ.
ඔක්තෝබර්
ඔක්තෝබර් 2 - ඉන්දුනීසියාවේ ජාවා නගරයේ පාපන්දු තරඟයක් පැවැත්වෙමින් තිබියදී ගිනි කන්දක් විදාරණය වීම ආරම්භ වීම නිසා ඇතිවූ කලබලය හේතුවෙන් පුද්ගලයන් 130ක් මියයයි.
ඔක්තෝබර් 12 - මියන්මාර් අධිකරණය විසින් එරට හිටපු නායිකා අවුන්සාන් සුකීගේ දඬුවම් කාලය වසර 26ක් දක්වා දීර්ඝ කරයි.
ඔක්තෝබර් 18 - ජර්මනියේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා රුසියාව සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධව සැක පිට ප්‍රශ්න කෙරේ.
ඔක්තෝබර් 20 - බ්‍රිතාන්‍යයේ කෙටිම කලක් අගමැතිධුරය හෙබවූ පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වෙමින් අගමැති ලීස් ට්‍රස් තම ධුරයෙන් ඉල්ලා අස් වේ. ඇයගේ සේවා කාලය දින 45කි.
ඔක්තෝබර් 23 - චීනය තුළ එතෙක් මෙතක් සිටි බලවත්ම නායකයා බවට පත් වෙමින් වර්තමාන චීන ජනාධිපති ක්ෂි ජින්ග් පින්ග් තම තෙවැනි ධුර කාලය ආරම්භ කරයි.
ඔක්තෝබර් 25 - බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඉන්දියන් සම්භවයක් සහිත රිෂී සුනක් පත් වේ.
නොවැම්බර්
නොවැම්බර් 8 - රුසියාව සමඟ අවි ගනුදෙනු කළ බවට වන චෝදනා උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි.
නොවැම්බර් 12 - තායිවානයේ ජනාධිපති සායි - ඉන්ග් වන්ග් තායිවානයේ ස්වෛරීභාවය පිළිබඳ සහතික වේ.
නොවැම්බර් 16 - බ්‍රිතාන්‍යයේ උද්ධමනය වසර 41කට පසු සියයට 11.1ක අගයක් වාර්තා කරයි.
නොවැම්බර් 18 - ඉරාන කාන්තාවන්ගේ නිදහස අරබයා ආරම්භ වූ උද්ඝෝෂණ මාලාවක් අතරතුර ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා කමෙයිනිගේ නිවස ගිනිබත් කෙරේ.
නොවැම්බර් 28 - අධික ලෙස කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට යොදන ලද නීතිවලට එරෙහිව චීනයේ ප්‍රදේශ කිහිපයක ජනතාව විරෝධතා පවත්වයි. එහිදී බීබීසී මාධ්‍යෙවේදියෙක්ද පොලිස් ප්‍රහාරයට ලක් වේ.
දෙසැම්බර්
දෙසැම්බර් 3 - දූෂණ චෝදනා එල්ල වී ඇති දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා තම ධුරයෙන් ඉල්ලා අස් නොවනු ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කරයි.
දෙසැම්බර් 6 - ඉන්දුනීසියානු අධිකරණයක් එරට ජනතාවට විවාහයෙන් පරිබාහිර ලිංගික සබඳතා තහනම් කරයි.
දෙසැම්බර් 10 - ලෝක ඉතිහාසයේ පාපන්දු කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගය සඳහා පැමිණි ප්‍රථම අප්‍රිකානු රට බවට මොරොක්කෝව පත් වේ.
දෙසැම්බර් 12 - චැඩි හි කාන්තාර භූමියක් තුළ විජලනය වීමෙන් මිය ගිය සංක්‍රමණිකයන් 27 දෙනකුගේ සිරුරු හමුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කරයි.
දෙසැම්බර් 18 - කටාර්හි පැවති 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රංශය පරාජයට පත් කරමින් ආර්ජන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලානය දිනා ගනී.