
නව පාසල් වාරය මාර්තු මාසයේ ආරම්භ වීමත් සමඟම ජාතික පාසල් ගුරු මාරු 10,000කට වැඩි සංඛ්‍යාවක් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) පී.කේ.එස් සුබෝධනි සිළුමිණට පැවැසීය.
මේ වන විට ජාතික පාසල් සඳහා ගුරු මාරුවීම් ඇයැදුම්පත් 10,000 කට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති බවත්, මේ වන විට ඒවාෙයන් 85% ක වැඩි කටයුතු අවසන්ව ඇති බවත් සියලු ගුරුවරුන්ට මේ මාරුවීම් ලබන නව පාසල් වාරය ආරම්භයේ සිට එනම් මාර්තු මස අග සිට සිදු කිරීමට නියමිත ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 2007/20 ගුරු මාරුවීම් චක්‍රලේඛයට අනුව සිදුකෙරෙන මෙම මාරුවීම් යටතේ වසර 10 ක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට මාරුවීම් හා තම කැමැත්ත මත සිදුකරන මාරුවීම් ද ඇතුළත් වේ.
මේ වන විටත් විද්‍යාව, ගණිත හා ප්‍රාථමික අංශ ගුරු මාරුවීම් අවසන් කර අදාළ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර ඉතිරි මාරුවීම් විස්තර ඉදිරි සතිය වන විට නිකුත් කිරීමට නියමිතය. එසේම අභියාචනා බාර ගැනීම ජනවාරි මාසයේ සිදු කෙරෙනු ඇත.
පසුගිය කාලයේ ප්‍රවාහන දුෂ්කරතා නිසා ආසන්න පාසල්වලට අනුයුක්ත කළ ගුරුවරු ලබන මාර්තු 24 දක්වා එම පාසලේම සේවය කළ යුතුය.